දේශපාලන කොන්ත්‍රාත් බාරගන්න එපා – රනිල් ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

0
201

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව හැර වෙනත් කිසිදු පාර්ශ්වයක නියෝග හෝ උපදෙස් රජය නොසලකන බව ජනාධිපති රනිල් ඊයේ ප්‍රකාශ කළේය.

රජයේ මූල්‍ය පාලනය සම්බන්ධයෙන් බලය ඇත්තේ පාර්ලිමේන්තුවටය. මේ වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් රජය තීන්දුවක් ගෙන ඇත.

මූල්‍ය පාලනය පාර්ලීමේන්තුව සතු නිසා ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධව තීන්දු ගත යුත්තේ පාර්ලීමේන්තුවය . කෙසේ වුවද මේ වන විට විපක්ෂය, අධිකරණය භාවිතා කොට ණය ප්‍රතිව්‍යුහගත  කිරීම සහ IMF ණය දෙවන අදියෙර කඩාකප්පල් කිරීමට සැලසුම් කොට ඇත.

විපක්ෂය මීට පෙරද අධිකරණය භාවිතා කොට පාර්ලීමේන්තුව සතු මූල්‍ය පාලන බලතල හයිජැක් කිරීමට උත්සාහ කළේය. පලාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් නැතැයි රජය තීන්දු කළ විට අධිකරණ නියෝගයක් මගින් මුදල් වෙන් කර ගැනීමට විපක්ෂය උත්සාහ කළේය. මෙම තත්ත්වය පාර්ලීමේන්තුව සහ අධිකරණය අතර ගැ‍ටුමක් බවට පත් විය.

එහිදී, මූල්‍ය පාලනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය මැදිහත් වීම නිසා පාර්ලීමේන්තු බලය හෑල්ලුවට ලක් වන බවට මැති ඇමතිවරු පිරිසක් කථානායකට පැමිණිලි කළහ. එම කරුණ විමර්ශණය කිරීමට කථානායක තීන්දු කළේය. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරන් පාර්ලීමේන්තුවට කැඳවා ප්‍රශ්න කිරීමට නියමිත විය.

කෙසේ වුවද අවසානයේ අධිකරණය මැතිවරණයට මුදල් වෙන් කිරීම සම්බන්ධව තීන්දුවක් ලබා දීමෙන් වැළැකී සිටියේය . පාර්ලීමේන්තුව සහ අධිකරණය අතර ඇතිවීමට ගිය විශාල ගැ‍ටුමක් ඉන් වැළැකුණි.

මේ රටේ පුරවැසියන් වටහා ගත යුතු වැදගත් කරුණක් ඇත . අධිකරණ නියෝග වලින් ආර්ථික අර්බුධ වලට විසඳුම් සෙවිය නොහැක. යම් අයෙක් අධිකරණ නියෝග වලින් ආර්ථික අර්බුධ වලට විසදුම් සෙවීමට උත්සාහ කළ හොත් ඉන් සිදුවන්නේ අර්බුධ උග්‍ර වීමය.