සුළං අත මාරු වෙයි- රනිල්, එජාපය සහ 2024 මැතිවරණය.

0
160

2022 අරගලය, සුදු කළු මිශ්‍ර එකකි. අරගලය නිසා, ආර්ථිකය වැරදි ලෙස හැසිරවූ ගෝඨාභය ට ඉල්ලා අස්වීමට සිදු විය. දේශපාලන අර්බුධවලට  අරගල වලින් විසඳුම් සෙවිය හැකි වුවද ආර්ථික අර්බුධ වලට අරගල වලින් ව්සඳුම් සෙවිය නොහැක. ආර්ථික අර්බුධයක් ඇති රටක,  කැරලිගැසීමෙන්  කිරීමෙන් සිදුවන්නේ ආර්ථික අර්බුධය උත්සන්න වීමය. ගෝල්ෆේස් කැ‍රැල්ල  නිසා ලංකාවේ ආර්ථික අර්බුධය පුපුරා ගියේය .

අනුප්‍රාප්තික ජනපති රනිල් වික්‍රමසිංහ කැ‍රැල්ලෙන් බිහිවූ  ඵලයකි.කෙසේ වුවද  අරගලයෙන් වසරක් ගතවන විට රනිල් මෙරට දේශපාලනයේ තීරනාත්මක චරිතය බවට පත් වී ඇත. එය එසේ වීමට කරුණු කාරනා ගණනාවක් බල පෑවේය.

ගෝඨාභය ඉවත්කිරීමෙන් පසු අවධිය ගැන කිසිවෙකුට  සැලසුමක් නොතිබුණි. මේ නිසා කැ‍රැල්ල  විසින්ම කැ‍රැල්ල හෑල්ලුවට ලක් විය

මිනිස්සු පාරට බැස්සේ සිස්ටම් චේන්ජ් කිරීමට නොව  මූලික අවශ්‍යතා සපුරාලීමට රජය අපොහොසත් වීම නිසාය. නමුත් රනිල්ගේ ආගමනය සමග මූලික අවශ්‍යතා සපුරා ලීමට රනිල්ට හැකි වෙතැයි විශ්වාසයක් ජනයා තුල ඇතිවිය.රනිල් අද්දැකීම් ඇති තෙම්පරාදු වූ දේශපාලකයෙක් වීම ඊට හේතු විය.

ක්‍රියාකාරිත්වයෙන් රනිල්ට වලංගුතාවක් ලැබීමත් සමග අරගලය සමග සිටගත් සිවිල් ක්‍රියාකාරීන්, සහ මාධ්‍යවේදීන්ගේ වලංගුභාවය අහෝසි විය.ඔවුන්ගේ  සමාජ මාධ්‍ය වල රීච් ප්‍රමාණය 70 % කින් පමණ අඩුවිය.

රනිල් නිහඬ ඝාතකයෙකි. මේ වන විට දේශපාලන පක්ෂ ගණනාවක් රනිල්ගේ ප්‍රහාර හමුවේ අඩපන වි ඇත. මින් බරපතලම හානිය සිදුවන්නේ පොහොට්‍ටුවටය

රනිල්ගේ නැගීමත් සමග එජාපයේ නැගීමද ආරම්භ විය.පසුගියදා රවි කරුණානායක උතුරු කොළඹ පැවැත්වූ ‍රැස්වීමෙන් එම තත්ත්වය මනාව පැහැදිළි විය. එම ‍රැස්වීමෙහි සංවිධානාත්මක බව අති විශිෂ්ඨ එකක් විය.එවැනි සාර්ථකත්වයක් සදහා රවී සතු මූල්‍ය ශක්තිය බල නොපෑවේයයි කිව නොහැක, නමුත්  වාර්තා ගත ජනකායක් එම ‍රැස්වීමට පැමිණියේ මුදල්වලට නොව ස්වේච්ඡාවෙනි.

රවීගේ උතුරු කොළඹ ‍රැස්වීම දේශපාලන සුළං අත මාරුවීම පිළිබදව පැහැදිලි සංඥාවක් තිබුණි.  කැ‍රැල්ල එජාපයට ආශිර්වාදයක් වී ඇත