ශවේන්ද්‍රට එරෙහි CID විමර්ෂණ ඇරඹෙයි !

0
181

ඉහලම පෙලේ ආරක්‍ෂක ලොක්කෙක් ගැන CID පරීක්‍ෂණ ඇරඹෙයි නමින් පුවතක් මේ සතියේ ඉරිදා පුවත්පත් කිහිපයක පලකොට ඇත.

මේ පිලිබදව අප විමසීමක් කළ අතර අදාල ආරක්ෂක ප්‍රධානියා ශවේන්ද්‍ර සිල්වා බව එහිදී දැනගැනීමට හැකි විය.2022 ගෝල්ෆේස් කැරල්ල හමුවේ සිය වගකීම් ඉ‍ටු නොකිරීම ඔහුට එරෙහිව ඇති චෝදනාව වෙයි. තවද ඔහුගේ වත්කම් පිළිබදව විමර්ෂණයක් සිදුවන බව දැන ගැනීමට හැකි විය.

මීට පෙර ගෝල්ෆේස් කැ‍රැල්ල හමුවේ හමුදාව ක්‍රියාකළ අන්දම ගැන සෙවීමට හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂගේ නියෝගයෙන් පරීක්ෂණ අධිකරණයක් පත් කළ අතර එහි වාර්තාව මේ වෙන විට අදාල අංශ වෙත බාර දී ඇත.

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ එම පරීක්ෂණ අධිකරණයේ සභාපති විය. හිටපු ගුවන් හමුදාපතිවරයෙකු වන රොෂාන් ගුණතිලක සහ හිටපු හමුදාපතිවරයෙකු වන දයා රත්නායක එම පරීක්ෂණ අධිකරණයේ සාමාජිකයන් විය.

හමුදාවට පැහැදිලි නියෝග ලබා නොදීම, පොලීසිය සමග සම්බන්ධීකරණයක් පවත්වා නොගැනීම ඇතුළු බරපතල චෝදනා ගණනාවක් එම පරීක්ෂණ අධිකරණය විසින් අනාවරණය කොට ඇත. නමුත් එම වාර්තාව මත පදනම්වී ශවේන්ද්‍රට එරෙහිව අධිකරණයේ චෝදනා ගොණු කළ නොහැක.

කෙසේ වුවද කරන්නාගොඩ වාර්තාව මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවට යවා ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ පිළිබදව විමර්ෂණය කරන්නේ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් අනුවය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේදී ශවේන්ද්‍රට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය.