ඉන්දීය මැතිවරණ කැම්පේන් සදහා ලංකාව දඩයම් භූමියක් වන අයුරු

0
190

2015 මැතිවරණ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ හින්දු පුවත්පතට සාකච්ඡාවක් දුන්නේය.තමාව පරාජය කරන ලද්දේ CIA සහ MI6 සමග එක්වූ ඉන්දීය රෝ බව එහිදී ඔහු කීවේය. තමාව ජනාධිපති ධුරයෙන් ඉවත් කිරීම, දිගු කාලීනව ක‍්‍රියාත්මක වූ සැලසුමක් බවද මහින්ද ප‍්‍රකාශ කර සිටියේය. මහින්දට පසුව එම ඉරණම ගෝඨාභය රාජපක්ෂට අත්විය.

ගෝඨාභයට අත්වූ ඉරණම නේපාල රජ්‍ය නායකයෙකුටද අත් විය. නේපාලයේ 38 වැනි අගමැතිවරයා වූයේ කේ. පී. ශර්මා ඔලීය. ශර්මා සිය ප්‍රථම ධූරකාලය ලෙස (2015 -2016) වසරක් සේවය කළේය.2016 වසර වන විට ශර්මා ඕලි සමග ඉන්දීය රජය ගැ‍ටුම ඇති කරගත්තේය. ඉන්දියාව 2016 වසරේදී නේපාලයට පිවිසෙන සියලූ දේශසීමා වසා දැමුවේය.නේපාලයට ඉන්ධන ලැබෙන්නේ ඉන්දියාව හරහාය.ඉන්දීය දේශසීමා වැසීමත් සමග නේපාලය උග්‍ර තෙල් අර්බුධයකට ලක් විය.ශර්මා ඕලිට අස්වන ලෙස නේපාල ජනයා සහ දේශපාලනඥයන් බලපෑම් කළේය.එම තත්වය හමුවේ ශර්මා ඕලි ඉල්ලා අස්විය.

ලංකාවට එල්ල වන බාහිර කුමන්ත්‍රණ වර්ග 2කි.

1. චීන සුළගද ඇතුළු භූදේශපාලන කරුනු නිසා ඉන්දියාව, සිංගප්පූරුව සහ බටහිර ජාතීන් දියත් කරන කුමන්ත්‍රණ
2. ඉන්දියාවේ මැතිවරණ කැම්පේන් එක සදහා ලංකාව දඩයම් භූමියක් ලෙස යොදා ගැනීම.

මෙම ලිපියෙන් කතා කරන්නේ ඉන්දීය මැතිවරණ සඳහා ලංකාව දඩයම් භූමියක් ලෙස යොදා ගැනීම පිලිබදවය.ඉන්දියාවේ මහ මැතිවරණය ලබන වසරේ මැයි මාසයේදී පැවැත්වීමට නියමිතය. මහ මැතිවරණයට පෙර ප්‍රාන්ත මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතය . එය පහත පරිදිය.
මිසොරාම්- 2023 දෙසැ 17
චහටිගාර් – 2024 ජන 03
මධ්‍ය ප්‍රදේශ් – 2024 ජන 06
රාජස්ථාන්- 2024 ජන 14
තෙලංගනා- 16 ජන 2024
ඉන්දියාව සිය මැතිවරණ කැම්පේන් එක සඳහා ලංකාව දඩයම් භූමියක් ලෙස යොදා ගැනීම වසර ගණනාවක සිට සිදුවන්නකි. වර්තමානයේ මෙය දෙ ආකාරයකින් සිදුවෙයි.

1. False flag ops – ත්‍රස්තවාදී ලේබලයට මුවාවී එල්ල කරන ව්‍යාජ ප්‍රහාර

2. දේශපාලන කුමන්ත්‍රණ

ඉන්දියාව නුදුරු අනාගතයේදී මෙරට දියත් කිරීමට නියමිත False flag ops සම්බන්ධ ලිපියක් දින කිහිපයකට පෙර පල කොට ඇත. කරුනු එසේ හෙයින් අද සාකච්ඡා කරන්නේ නුදුරු අනාගතයේදී ඉන්දියාව මෙරට දියත් කිරීමට නියමිත ප්‍රධාන දේශපාලන කුමන්ත්‍රණ 3 ක් පිළිබදවය

1. ප්‍රධාන දේශපාලන පක්ෂ පුපුරවා හැරීම
ඉන්දියාව විවිධ කුමන්ත්‍රණ හරහා ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ පුපුරවා හැර ඇත. 2015දී සිරිසේන යොදා ගනිමින් SLFP පුපුරුවා හැරියේය.2019 දී බැසිල් යොදා ගනිමින් UNP පුපුරුවා හැරියේය. 2022 අරගලය හරහා SLPP පුපුරුවා හැරියේය.රවුෆ් හකීම් යොදා ගනිමින් මුස්ලිම් කොන්ග්‍රසය පුපුරුවා හැරියේය. ක්‍රිස්තියානි- හින්දු භේදය අවුළුවා දෙමළ ජාතික සංධානය පුපුරුවා හැරියේය.

බැසිල්, නාමල් සහ ගෝඨා වෙන් කර SLPP යලි පුපුරුවා හැරියේය. රනිල් යොදාගෙන සජබ පුපුරුවා හැරියේය. මේ ආකාරයටම ආගමික සංවිධානද පුපුරුවා හැර ඇත. රිස්වි මුක්ති යොදා ගනිමින් උලමා සභාව පුපුරුවා හැරියේය. අරගලය යොදාගෙන, බෞද්ධ භික්ෂූ බලය පුපුරුවා හැරියේය.

ඉන්දියානු න්‍යාය පත්‍රය පක්ෂ පුපුරුවාහැරීමට සීමා නොවුනි. ඔවුන් ඉන්දීය රූකඩ පක්ෂ නීර්මානය කිරීමද කළේය. ශාෆ්ටර් පවුල යොදාගනිමින් ලක්ෂ 10ක ඡන්ද පදනමක් සහිත දෙමළ ප්‍රශතිශීලි සංධානය නිර්මාණය කළේය.ඉන්දියාව නිර්මානය කළ නව දේශපාලන සිතියම දෙරටේම මැතිවරණ හැසිරවීම සඳහා යොදා ගනු ලබයි.

2. කච්චතිව් දූපත ඉන්දියාවට පවරා ගැනීම
නරේන්ද්‍ර මෝඩි එළඹෙන මැතිවරණ කැම්පේන් එකේ කොටසක් ලෙස කච්චතිව් දූපත යලි ඉන්දියාවට පවරා ගැනීමට සැලසුම් කොට ඇත.

3. චීන හම්බන්තොට වරායට හිලව් වන පරිදි ත්‍රිකුණාමල වරාය ඉන්දියාවට පවරා ගැනීම
ඉන්දියාව ත්‍රිකුණාමල වරාය සහ ඒ අශ්‍රිත අක්කර ලක්ෂයක පමන භූමියක් පවරා ගැනීමට සැලසුම් කොට ඇත