නොට්ටිගෙ පුතුන්ගේ සිරුරු සවලෙන් ඉවත් කළ යුතු කාලය එළඹ ඇත

0
192

1960-80 කාලය වාමාංශික දේශපාලනයේ ස්වර්ණමය යුගය විය. චීනය, සෝවියට්දේශය ඇතුලු රටවල් ගණනාවකින්, වාමාශික කඳවුර විචිත්‍ර විය. ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බන්ඩාරනායකද සමාජවාදී කඳවුර සමග විය. ඒ අනුව ඇයගේ බොහෝ ප්‍රතිපත්ති සමාජවාදී හැඩයක් ගත්තාය . තවත් අතෙකින් ඇය ඇමෙරිකන් විරෝධි විය.

සිරිමාවෝ 1961 අංක 28 දරන විශේෂ පනත ගෙනවිත් ෂෙල්, මොබිල්, කැල්ටෙක්ස්, Exxon, Standard Oil යන බහුජාතික සමාගම් ලංකාවෙන් එළවා දැමුවාය.තවද වන්දි ගෙවීමකින් තොරව අමෙරිකානු සමාගම්වලට අයත් ඉන්ධන පිරවුම්හල්  83ක් රජයට පවරා ගත්තාය. සමාජවාදී කඳවුරෙන් ආධාර ගෙන මෙරට විශාල කර්මාන්තශාලා බිහි කළාය. ඒ සමග ඇමෙරිකන් – ශ්‍රී ලංකා සබඳතා අර්බුධයට ලක්විය.

මෙම තත්වය හමුවේ, ඇමෙරිකාව නිහඬ ප්‍රේක්ෂකයෙකු ලෙස සිටියේ නැත. CIA ඒජන්තයන් සිරිමාවෝට එරෙහිව කුමන්ත්‍රණය කළහ.CIA මෙහෙයුම සඳහා යොදා ගත්තේ රුසියාවේ ගොස් අතරමංවූ නන්දසිරි නම් තරුණයෙකි. CIA ඒජන්තයින් එකී තරුණයාට දේශප්‍රේමී මුහුණුවරක් ලබා දුන්නේය. ඔහුගේ මුල් නම වූ ”නන්දසිරි” වෙනුවට, ”රෝහන” නම දැමුවේය. ‘නන්දසිරි’,  රෝහන විජේවීර  වූයේ ඒ අනුවය .

ඇමෙරිකන් අනුග්‍රහය මත රෝහන විජේවීර,සිරිමාවෝට එරෙහි වූයේ ය. මොහු 1971 දී කැ‍රැල්ලක් මෙහෙයවා බලය ඇල්ලීමට උත්සාහ කළේය. සිරිමාවෝ සමාජවාදී කඳවුරෙන් උදව් ගෙන කැ‍රැල්ල මැඩ පැවැත්වීමට සමත් වුවද එහි බලපෑම නිසා ඇගේ ආණ්ඩුව දෙදරා ගියේය.

1987 දී, ඉන්දු-ලංකා සාම ගිවිසුම අත්සන් කළේය. ඒ අනුව ඉන්දීය සාමසාධක හමුදාව මෙරටට ආහ.ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමත් සමග රෝහන විජේවීර සන්නද්ධ වී යලි කරළියට පැමිනියේය. විජේවීර, එවක අගමැති වූ ප්‍රේමදාස සමග සහයෝගයෙන් වැඩ කළේය. ප්‍රේමදාස, ජවිපෙ බළල් අතක් ලෙස භාවිතා කොට තම දේශපාලන එදිරිවාදීන් ඝාතණය කළේය. ඒ වන විට ලංකාවේ උතුරේ සහ දකුණේ යුධ ගිණි ඇවිළ තිබුණි.විජේවීර එම තත්වය තුල සන්නද්ධ අරගලයක් මෙහෙයවා බලය ඇල්ලීමට උත්සාහ කළේය.

2020 එළඹෙත්ම කොරෝනා වසංගතය ලොව පුරා පැතිර ගියේය. ලංකාවට ඩොලර් ලැබෙන තෙවන විශාලතම මාර්ගය වූ සංචාරක කර්මාන්තය මුළුමනින්ම බිඳ වැ‍ටුණි. ඒ අනුව රටේ ආර්ථික අර්බුධයක් පැණනැගුනි. තෙල්, ගෑස්, කිරි සදහා පෝලිම් ඇති විය. ලක්ෂ ගණනකට ‍රැකියා අහිමි විය. ජනයා අපේක්ෂා භංගත්වයට පත් විය.මෙම තත්වය හමුවේ ලංකාවට එරෙහි විදේශ බලවේග යලි ක්‍රියාත්මක විය. ඔවුන් ජවිපෙ සහ පෙර‍ටුගාමීන් යොදවා රට අරාජික කිරීමට කුමන්ත්‍රණය කළේය. එම කුමන්ත්‍රණය තවම අවසන් වී නැත.

1. 1971 දී, සිරිමාවෝට සමාජවාදී කඳවුරෙන් යුධ ආධාර ගෙන කැ‍රැල්ල පරාජය කළ හැකි බව දැකීමට රෝහන විජේවීරට මොළයක් තිබුනේ නැත

2. 1989 දී, ප්‍රේමදාස සමග ඩීල් කළද රන්ජන් විජේරත්න අතින් තමන් ඝාතනය විය හැකි බව දැකීමට රෝහන විජේවීරට මොළයක් තිබුනේ නැත

3. 2022 දී ගෝඨා එළවුවද ඉන්පසුව සිදුවන්නේ කුමක්දැයි දැකීමට අනුර කුමාර සහ කුමාර් ගුණරත්නම්ට මොළයක් තිබුනේ නැත (මේ කථාව හරිනි අමරසූරිය ප්‍රසිද්ධියේ කීවාය).

4. ශවේන්ද්‍ර සමග ඩීල් කළද, රනිල්ගේ මොළයෙන් තමන් අවලංගු කාසි වියහැකි යයිබව දැකීමට රැට්ටො, පෙරෙට්ටො සහ ජෙප්පොන්ට මොළයක් තිබුනේ නැත

5. තාත්තා කළ දේ පුතා නොකලොත් ඌ නොට්ටිගේ පුතා යයි කතාවක් ඇත. සජිත්ගේ පියා ජවිපෙ සමග ඩීල් කළේය. අද සජිත් සතුරු බලවේග සමග ඩීල් කරමින් සිටියි. පියාගේ මෘතශරීරය සවලෙන් එකතු කිරීමට හේතුවූ කරුණු තේරුම් ගැනීමට සජිත්ට මොළයක් නැත.

නූතන ප්‍රජාතන්ත්‍රවාදය යනු සියල්ලන්ගේ කැමැත්ත අනුව රට පාලනය කිරීම නොව බහුතරයේ කැමත්ත අනුව පාලනය ගෙන යාමය. ජවිපෙ සහ පෙර‍ටුගාමීන් යනු ඉතා සුළු පිරිසකි. නමුත් ඔවුන් රටට සිදුකොට ඇති බල පෑම අති විශාලය. එම බලපෑම ප්‍රගතිශීලී එකක් නොව විනාශකාරි එකකි. රටේ නීතිය අතට ගනිමින් මොවුන් සිදුකරන විනාශකාරී වැඩ පිලිවෙල නැවැත්වීම දේශප්‍රේමි පුරවැසියන්ගේ වගකීමකි. ඒ සදහා අවි අතට ගත් යුත්තේ හමුදාව නොව මහජනතාවය.