ජූලි චං නොව කවුරු කීවද පුංචි ඡන්දය පවත්වන්නේ රනිල් කැමති දිනකය

0
206

පලාත් පාලන මැතිවරණය කල් ගියේය. එය එසේ සිදුවන බව National Alert මාස කිහිපයකට පෙර හෙළිදරව් කර ඇත.කෙසේ වුවද මැතිවරණය අත්‍යවශ්‍ය බව ඇමෙරිකන් තානාපති ජූලි චංග් ඊයේ කීවාය.කවුරු කෙසේ කීවද පුංචි ඡන්දය ඉක්මනින් පැවැත්වෙන්නේ නැත.මේ පිළිබදව නිවරදි අවබෝධයක් ලබා ගැනීමට, කල්තබා ඇති මැතිවරණ පිලිබදව අධ්‍යනය කළ යුතුය.

මේ වන විට, පලාත් පාලන සහ පලාත් සභා යන මැතිවරණ දෙකම කල් තබා ඇත. අවසන් පලාත් පාලන මැතිවරණය පැවැත්වූයේ 2018 වසරෙදීය. ඒ අනුව 2022 දී එය කල් ඉකුත් විය.

අවසන් පලාත් සභා මැතිවරණය එක් දිනක් තුල පැවැත්වූයේ නැත. නැගෙණහිර , උතුරුමැද සහ සබරගමුව පලාත් සභා මැතිවරණය පැවැත්වුනේ 2012 වසරෙදීය. වයඹ සහ උතුරු පලාත 2013දීය. ඌව සහ දකුණ 2014 දීය. එනම් ඇතැම් පලාත්සභා කල් ඉකුත්වී අවු 6කට වැඩිය.

පලාත්සභා මැතිවරණය පැවැත්වීමට නියමිත වූයේ ජනපති සිරිසේනගේ කාලයේදීය. නමුත් එහිදී ඔවුන් මැතිවරණය අළුත් ක්‍රමයකට පැවැත්වීමට තීන්දු කළේය. ඒ අනුව අළුත් ක්‍රමය සැකසීම සීමා නිර්නය කොමිසමට බාර කළේය. නමුත් සීමා නිර්ණය කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේ පරාජය විය.ඒ අනුව කෝටි ගණනක් වියදම් කොට සැකසූ නව ක්‍රමය කුණු කූඩයට විසිවිය.

මේ අතර සීමානිර්නය කොමිසම නොසලකා පැරණි ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට සිරිසේන ජනපති උත්සාහ කළේය.නමුත් කළ නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය කීවේය.

මේ වන විට රනිල්-රාජපක්ෂ රජය පලාත් පාලන මැතිවරණයද අළුත් ක්‍රමයකට පැවැත්වීමට තීන්දු කොට ඇත.ඒ අනුව ඊට සුදුසු ක්‍රමයක් සකසන ලෙස සීමානිර්නය කොමිසම වෙත දැනුම් දී ඇත. නව ක්‍රමය සැකසූ පසු එය විෂයභාර ඇමතිවරයාට ලැබෙන අතර , ඉන් පසු කැබිනට් මණ්ඩලයේ සහ පාර්ලීමේන්තුවේ අනුමැතිය ලබා ගතයුතු වෙයි. සීමා නිර්නය කොමිසමේ ලොක්කා, සීතල දූෂිතයෙකු වන මහින්ද දේශප්‍රිය බව සිහි තබා ගත යුතුය .

ඉහත සඳහන් කළ පරිදි නව ක්‍රමයක් සැකසීම සීමා නිර්නය කොමිසමට බාරදී ඇති නිසා පැරණි ක්‍රමයට පුංචි චන්දය පැවැත්විය නොහැක . එය එසේ වන්නේ .අධිකරණ පූර්ව නිදර්ෂණ න්‍යාය අනුවය. (129(1) වගන්තියට අනුව ශ්‍රේෂ්ඨාධිකරණය ජනපති සිරිසේනට 2017 දි ලබා දුන් තීන්දුව)

ඒ කෙසේ වෙතත් මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ව්‍යවස්ථානූකුලව සහ ප්‍රායෝගිකව ආණ්ඩුවට වාසිදායක තත්වයක් පවතියි. පැරණි ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වුවහොත් ‍තෝරාගත යුතු නියෝජිතයන් ගණන 8356 කි.නව ක්‍රමය යටතේ එය 4000 ට අඩු කොට ඇත.

පැරණි ක්‍රමය අනුව පලාත් පාලන , පලාත්සභා සහ පාර්ලීමේන්තුව යන ආයතන වලට පත්වන සමස්ථ මහජන නියෝජිතයන්ගේ එකතුව 9012 කි. ඒ අනුව ලංකාවේ ජීවත්වන පුද්ගලයන් 2350කට එක් අයෙක් මන්ත්‍රීවරයෙකි. එම රටේ හෘදරෝග විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු සිටිනුයේ 20 කට අඩු ප්‍රමාණයකි.

කරුනු එසේ හෙයින්  නියෝජිතයන් අඩු කිරීමේ යෝජනාවට ජනතා සහයෝගය ලැබීම වැලැක්විය නොහැක . නව ක්‍රමය ක්‍රියාත්මක කිරීමට ගතවන කාලය පිලිබද අනාවැකි කීම දුෂ්කර වුවද ඊට සැලකිව යුතු කාලයක් අවශ්‍යය.වෙනත් වචන වලින් කිවහොත් ජූලි චං නොව කවුරු කීවද පුංචි චන්දය පවත්වන්නේ රනිල් කැමති දිනකය