ආදායම් බදු පැනවීම නිවරදිය , වෘත්තීය සමිති ත්‍රස්තවාදයට එරෙහිව ජනයා නැගී සිටිය යුතුය

0
190

මේ වන විට රජය පැනවූ ආදයම් බදු වලට එරෙහිව වැඩ වරජනයක් ආරමභ වී ඇත. රටක බදු වර්ග දෙකක් ඇත .

1.වක්‍ර බදු – මාසික හෝ දෛනික ඉපයීම කවරක් වුවද රටේ සියළුම පුරවැසියන් ගෙවන බදු . භාන්ඩ හා සේවා බද්ද (GST) මීට උදාහරණයකි .

2. සෘජු බදු – ඉහල ආදායම ලබන පුද්ගලයන් පමනක් ගෙවන බදු . ආදායම බදු මීට උදාහරණයකි

ලංකාවේ සෑම පවුල්කම මාසිකව රු 28000 කට ආසන්න බදු මුදලක් රජයට ගෙවයි.බදු ක්‍රමය අක්‍රමවත් නිසා නිසා දුප්පත් පොහොසත් භේදයකින් තොරව බදු ගෙවීමට ජනයාට සිදුව ඇත.

ලංකාවේ පවතින්නේ  දිළිඳු පුද්ගලයෙකුට, රුපියල් 4,500ක් සමෘද්ධි සහනාධාරය ලෙස ලබා දී, නැවත රුපියල් 6,675ක් බදු ලෙස රජයට අය කරන ක්‍රමයකි. දිනකට රු 1150ක් උපයන වතුකම්කරුවන්ගෙන් දිනකට රු 350ක් බදු වශයෙන් රජයට අය කරන ක්‍රමයකි. මෙය ඛේදවාචකයකි.

මෙරට සමස්ත බදු ආදායමින් 70%ක් භාණ්ඩ හා සේවා මත පනවන ලද බදු ( GST)ය. එනම් සියළු ජනයා මත පැනවූ බදුය . ඒ අනුව අන්ත දුගියා සහ කෝටිපතියා ‘එක හා සමාන’ බදු මුදලක් ගෙවනු ලබයි.

ලංකාවේ සැලකිව යුතු ආදායම් බද්දක් ගෙවන සමාගම් හා පුද්ගලයන් ගණන 665කි. වසරකට ලක්ෂ පනකකට කට වඩා බදු ගෙවන්නේ 132 කි. අහෝ ! ලංකාවේ අන්ත දුගියාද වසකට ලක්ෂ තුනකට වැඩි බද්දක් රජයට ගෙවයි.

එම වරද නිසා දුපප්තුන් දුක් විඳිනවා පමනක් නොව ලංකාව ලෝකයේ බදු ආදයම අඩු රටකි. ලෝකේ සතුටින්ම සිටින රටවල බදු ඉතා ඉහලය. තවද එම රට වල බදු ක්‍රමවත්ය. එනම් දුප්පතුන් ගෙවනෙ අඩු බද්දකි . පොහොසතුන් ගෙවන බද්ද ඉතා ඉහලය. ලංකාවේ තත්වය නිවරදි කිරීමට විසදුම් 2කි

1. සියළු ජනයා ගෙවන එනම් වක්‍ර බදු අඩු කිරීම. (භාන්ඩ හා සේවා බදු)
2. පොහොසතුන් පමනක් ගෙවන සෘජු බදු වැඩි කිරීම ( ආදායම් බදු)

ලංකාවේ ආදායම් බදු පැනවූයේ ඒ අනුවය . එනම් ඉහල ආදායම ලබන පුද්ගලයන්ගෙන් වැඩි බද්දක් අයකර ගැනීමටය.

ලෝකයේ දියුණු රටවල, බදු ආදායමින් 50 % ආදායම් බදු වෙයි. නව ක්‍රමය යටතේ ලංකාවේ එය 36 % කි.

ආදයම් බදු වැඩි කිරීම නිවරදි තීන්දුවකි. බදු ලෙස අයකරගන්නා මුදල් රජය විසින් කාර්යක්ෂමව යොදවනවාද නැද්ද යන්න වෙනම ගැටලුවකි. නමුත් අද වැඩ වර්ජන පැන නැගි ඇත්තේ ඒ පිළිබදව නොව නිවරදි තීන්දුව කන පිට හැරවීමටය

තවද, සමාජවාදී ක්‍රමයක් ගැන කතා කරන සහ පෞද්ගලික දේපල පවරා ගැනීමට සූදානම් ජවිපෙ, ධනවතුන් මත බදු පැන වූ විට ඊට එරෙහිව වැඩ වර්ජන කිරීම ඛේදවාචකයකි,විගඩමකි