දේශබන්දු මීලග පොලිස්පති ධූරයට පත්කිරීමට රජය තීන්දු කරයි

0
228

ලංකාවේ 36 වැනි පොලිස්පතිවරයා ලෙස Sr.DIG දේශබන්දු තෙන්නකෝන් පත්කිරීමට තීන්දු කොට ඇත .දේශබන්දු තෙන්නකෝන්ගේ ආගමනය වැලැක්වීමට සිවිල් සංවිධාන , මානව හිමිකම් සංවිධාන , ජනමාධ්යවේදීන් පසුගිය කාලයේ විශාල පරිශ්රමයක් දැරුවද එ සියල්ල ගඟට කැපූ ඉනි මෙන් නිෂ්ඵල වී ඇත.

මේ වනවිට ලංකාවේ ව්යාපාරික ප්රජාව, සංචාරක ක්ෂේත්රය, වෘත්තීකයන්, රට අරාජික කරන කැරලි වලට ඉඩ නොදිය යුතුය යන මතයකට පැමිණ ඇත. කැරලි මැඩපවැත්විය හැකි, පොලිස්පතිවරයෙක් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම වී ඇත. පොලිස්පතිවරයා පත් කිරීම, ආණ්ඩුක්රම ව්යවස්ථා සභාවේ නිර්දේශය මත, ජනාධිපති විසින් සිදුකළ යුතු වෙයි.

පසුගියදා මෙරට සංචාරය කළ ඇමෙරිකානු නියෝජිත පිරිස, සහ ඊට පෙර මෙරටට පැමිනි ඉන්දීය නියෝජිතයන්ද මෙරට පොලීසියේ සහ ආරක්ෂක අංශවල දුර්වලතා ගණනාවක් පෙන්වා දී ඇත. තවද ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් වගවිය හැකි අයෙකු ලෙස දේශබන්දු තෙන්නකෝන් හඳුනාගෙන ඇත .

දේශබන්දුගේ ආගමනය සම්බන්ධයෙන් ජවිපෙ අතිශ්ය නිහඬ ප්රතිපත්තියක සිටියි. ඊට හේතුව චීන තානාපති කාර්යාලයේ බලපෑමය.

ලංකාවේ ලක්ෂ ගණනනක් චීන ජාතිකයන් අනවසරයෙන් රැදී සිටියි. තවත් පිරිසක් විවිධ ජාවරම් වල නියලී සිටියි. අනාගත මත් ද්රව්ය වෙළද පොලේ විශාලම පංගුව චීන රසායනික මත්ද්රව්ය විසින් ඩැහැ ගැනීමට නියමිතය. මේ හේතුව නිසා චීන තානපති කාර්යාලය දේශබන්දු සමග ගැටුමකට යනවා වෙනුවට ඔහුට සහයෝගය දැක්වීමට ඉදිරිපත්වී සිටියි