විශ්‍රාමික හමුදා නිළධාරීන් ප්‍රදර්ශන භාණ්ඩ නොවිය යුතුය

0
64

එදා ජවිපෙ ‍රැඩිකල් පක්ෂයකි , විප්ලවීය පක්ෂයකි, ගම කේන්ද්‍ර ගත පක්ෂයකි.

නමුත් අද ජවිපෙ ‍රැඩිකල් නැත. විප්ලවීය ලක්ෂණද නැත. තවද, ගමටත් නැති නගරයටත් නැති පක්ෂයකි.අනුර කුමාර විසින් එය පෞද්ගලික සමාගමක් බවට පත් කොට ඇත.

ගමෙ දුප්පත් තරුණයෙකුට බිම් මට්ටමේ සිට ජාතික දේශපාලනයට පිවිසීමට තිබූ ඉඩ අනුර කුමාර විසින් ඉවත්කොට ඇත.

ජාතික මට්ටමේ තනතුරු පැරෂුට් කාරයන්ට වෙන් කොට ඇත. ගමේ තරුණයිගෙන් උදුරා ගත් අවස්ථා ඊබ්‍රහිමි වැනි ව්‍යාපාරිකයන්ට සහ හමුදාවේ ඉහල නිලධාරීන්ට  ලබා දී ඇත .

ජාතික ජන බලවේගය, විශ්‍රාමික හමුදා නිළධාරීන්ගේ සාමූහිකය නමින් සංවිධානයක් පිහි‍ටුවා ඇත. එහි ප්‍රධාන චරිත අතර මේජර් ජෙනරාල් අරුණ ජයසේකර, රියර් අද්මිරාල් සේනාධීර, රියර් අද්මිරාල් සෙනෙවිරත්න සහ එයාර් වයිස් මාෂල් තුයියකොන්තා සිටියි.

හමුදා සාමාජීකයෙකයෙකු සක්‍රීය සේවයේ යෙදුනද විශ්‍රාම ගියද ඔහුගේ මූලික වගකීම රාජ්‍ය ආරක්ෂා කිරීමය. කවර හෝ දේශපාලන පක්ෂක හෙංචයියෙකු වීම නුසුදුසු ක්‍රියාවකි.

ආර්ථික අර්බුධය මිනිසුන් නව මානයකට ‍රැගන ගියේය එහි ප්‍රතිඵල ලෙස ප්‍රධාන දේශපාලන පක්ෂ වලට එරෙහි විවේචන වැඩි විය . හමුදාවට තිබූ ඉල්ලුම සහ පිළිගැනීම අඩු විය . ජවිපෙ මෙම තත්වය තුල   ඉල්ලුම අඩුවූ හමුදා නිලධාරීන් සඳහා  තම වේදිකාවේ ඉඩ වෙන් කළේය.

අරුන ජයසේකරලා , තුයිය කොන්තලා , සෙනෙවිරත්නලා ජවිපෙ වේදිකාවට ගොඩ වූයේ රට හැදීමට නොවේ. නමුත් බඩ රස්සාවක් ලෙසිනි.

JVP එකට ගොඩ වු හමුදා සාමාජිකයන්ගේ පොදු ලක්ෂණ 2ක් විය

1. වැලේ වැල් නැති වීම

2. පළිගැනීමේ චේතනාවෙන් යුතු වීම

විශ්‍රාමික අරුණ ජයසේකර මුලින්ම ගියේ සජිත් ප්‍රේමදාස ලගටය.නමුත් ඒ වන විට සජිත් ප්‍රේමදාස ලඟ ජේෂ්ඨ හමුදා නිළධාරීන් ගණනාවක්ම සිටියෝය. මේ නිසා අරුන ජයසේකර සිතූ ලෙස සජිත්ට සමීප වීමට අවස්ථාව නොලැබුණි. මේ අතර සජිත්ගෙන් නොලද අවස්ථාව අනුර කුමාරගෙන් ලැබුණි.අරුණ ජයසේකර ජවිපෙ වන්නේ ඒ අනුවය .

අරුණ ජයසේකර ජවිපෙ වේදිකාවට ගොඩ වුනේ රට හැඳීමට නොව තමාට හැදීමටය. ජවිපෙ වේදිකාවේ සිටින අනෙක් හමුදා නිළධාරීන්ගේ කථාද මීට වෙනස් නැත.

ජවිපෙ අද කරන්නේ කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ තම ගොඩ වැඩි කරගැනීමේ දේශපාලන මෙහෙයුමකි.

අහිකුන්ටික මිනිසුන් සතුන් නටවා මුදල් උපයන්නේ යම් සේද ජවිපෙ හමුදා සාමාජිකයන් නටවා ඡන්ද ඉපයීමට උත්සාහ කරයි. අනෙකුත් පක්ෂ විවේචනය කරන ජවිපෙ ප්‍රධාන පක්ෂ සිදු කළ වරද කිරීම ඛේදවාචකයකි.