චමුදිත CIDට කැඳවයි , විශ්ව බුද්ධා යලි අත්අඩංගුවට ගන්නා වෑයමක්!

0
69

රත්නපුරේ විමල බුද්ධි නොහොත් විශ්ව බුද්ධා නමින් හදුන්වන භික්ෂුව  සමග  ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පසුගියදා යූ ටියුබ් සංවාදයක යෙදුනේය

රත්නපුරේ විමල බුද්ධි නොහොත් විශ්ව බුද්ධා එහිදී ආන්දෝලනාත්මක කරුණු ගණනාවක් හෙළි කළේය

ඔහුගේ ගුරු ස්වාමීන් වහන්සේ වූ අරණදම්ම හිමි අපවත් නොවූ බවත් එය ඝාතණයක් බව  හෙළි කළේය. මේ පිලිබදව  CIDය මුනිවත රකින බව කීවේය

ඔහු සාමනේර හිමිනමක් ලෙස සිටියදී ලිංගික අපයෝජනයට ලක්වූ බව කීවේය . එය පන්සල් වල සාමාන්‍ය දෙයක් බවද කීවේය

මත් දව්‍ය භාවිතා කිරීම අද  පන්සල් වල සමාන්‍ය දෙයක් බව කීවේය. අද කාලයේ භික්ෂූන්ට පෙම්වතියන් සිටීම සමාන්‍ය දෙයක් බවද කීවේය

මේ වන විට එම සංවාදය සම්බන්ධයෙන් කටඋත්තරයක් ගැනීමට චමුදිත CIDට කැඳවා ඇති අතර එම කටඋත්තරයෙන් පසුව විශ්ව බුද්ධා යලි අත්අඩංගුවට ගැනීමට සැලසුම් කොට ඇත