වහල්භාවය සහ නිදහස

0
229

දෙවන ලෝක යුද්ධයෙන් බ්‍රිතාන්‍ය මිලිටරියට සහ ආර්ථිකයට දැඩි හානි සිදුවිය. තව දුරටත් යුද්ධ කිරීමේ හැකියාවක් ඔවුන් සතුව නොවීය. ඒ අනුව සිය යටත් විජිත අතහැර දැමීමට බ්‍රිතාන්‍ය තීරණය කළේය.

පසුගිය පෙබ 4 වැනිදාට බ්‍රිතාන්‍යයන් ලංකාව හැර යාමේ 75 වන සංවත්සරය යෙදුනි. එම දිනය ලංකාවේ ජනයා විවිධ ආකාරයෙන් සමරනු ලැබුවේය. පහත වගුවෙන් දැක්වෙන්නේ ඒ පිලිබද සටහනකි.

රජය නිළ නිදහස් උත්සවයක් පැවැත්වීමෙහි කිසිදු වරදක් නොමැත. එය ඕනෑම රටක පවත්වන එකකි. තවද පසුගිය අරගළ කාලයේදී, ලංකාව සෝමාලියවට කිට්‍ටු වී ඇති බව විදේශ මාධය වාර්තා කළේය. එහෙයින් ගෝල්ෆෙස් ත්‍රස්තවාදයෙන් රට මුදා ගත් බව ලෝකයට පෙන්විමට, රජ්‍ය නිදහස් උලෙල ඉවහල් වෙයි.

සිංහළ ඩයස්පෝරාවේ රූකඩයක් වන අරුන් සිද්ධාර්ථන් සිංහ කොඩි ඔසවා උතුරේ නිදහස් සැමරුමක් කළේය.

අරුන් සිද්ධාර්ථන් සිංහල ඩයස්පෝරාවේ රූකඩයක් මිස, ක්‍රියාකාරිත්වයෙන් වලංගු භාවයක් ලබා ගත් අයෙක් නොවේ.

උතුරේ 4500 ක පමන දෙමළ ප්‍රජාවක් කළු කොඩි ඔසවා විරෝධතාවක් කළේය. උතුරේ පැවැත්වෙන ඕනෑම විරෝධතාවයකට යන්නෙ මෙම පිරිසය. ස්වයංපාලන බලතල ඉල්ලීම ඔවුන්ගේ අරමුණ විය. මීට සහභාගිවූ පිරිස, දෙමළ ඩයස්පොරාවේ රූකඩ සමූහයකි.

 

උතුරු පලාතේ ජනගහනය ලක්ෂ 10 කි. නමුත් කළු කොඩි විරෝධතාවයට ආවේ 5000ක පිරිසකි. අරුන් සිද්ධාර්තන්ගේ පිරිස 200 කි . මොවුන් සියල්ල ආවේ මුදල් වලටය.

එනම් උතුරේ  බහුතර ජනමතය සිංහ කොඩි එසවූ අරුන් හෝ කළු කොඩි එසවූ කොටි ඩයස්පෝරාව නොවේ.

මින් පැහැදිළි වන්නේ උතුරේ සහ දකුනේ ජනයා ආමන්ත්‍රණය කරන සැබෑ ජන බලවේගයක් තවම ගොඩ නැගී නැති බවය