ජේෂ්ඨ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමට එරෙහිව අභූත චෝදනා නැගූ සුරංග මුතුකුඩ අත්අඩංගුවට පත්වෙයි

0
179

මීට මාස කිහිපයකට පෙර  මහජන අර්ථසිද්ධි නඩුකරයක් ලෙස  කුලියාපිටියේ දේපලක් සම්බන්ධයෙන් චමුදිත සිය යූ ටියුබ් නාලිකාව හරහා වැඩසටහනක් කළේය.

එම ගොඩනැගිල්ලේ අයිතිය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව නිසා පාර්ශවකරුවන් සහ ප්‍රදේශවාසීන් විඳින කරදර  එම වැඩ සටහන තුලින් ප්‍රචාරය විය.

මෙම වැඩසටහන ප්‍රචාරය වූ පසු සුරංග මුතුකුඩ නම් අයෙක් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා මාධ්‍යවේදී චමුදිතට එරෙහිව අභූත චෝදනා එල්ල කළේය. අතින් වියදම් කරමින් චමුදිත එරෙහිව නඩු දැමුවේය, ඊට විශාල ප්‍රචාරයක් ලබා දුන්නේය

සත්‍ය දිය යට ආයාසයෙන් රඳාවා ගෙන සිටින රබර් බෝලයක් වැනිය. කොයි මොහොතේ හෝ මතුවීම එහි ස්වභාවය වෙයි

ඊයේ වෙන්නන්පුව පොලිස් බල ප්‍රදේශයේදී  සුරංග මුතුකුඩ විශේෂ පොලිස් කන්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

නැෂනල් ඇලට් මේ සම්බන්ධයෙන් ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරාගෙන් විමසීමක් කළ අතර අත්අඩංගුවට ගැනීම  සත්‍යබව සහකාර පොලිස් අධිකාරිවරයා  ප්‍රකාශ කළේය

පොලීසිය නොමග යැවීම සඳහා සැලසුම් සහගත ලෙස  ව්‍යාජ තොරතුරු ලබා දීමේ සිදුවීමක් මෙම අත්අඩංගුවට ගැනීමට හේතු වී ඇත .