නැෂනල් ඇලට් ලියුම්කරුට ජෙයරාජ් ඝාතණයේ පලමු විත්තිකරු ලෙස නම් කරතිබූ සෙල්වරාසා කිරුබාකරන් නොහොත් මොරිස් සහ දෙවන විත්තිකරු පොලිස් අධිකාරී ලක්ෂමන් කුරේ මැගසින් බන්ධනාගාරයේදී හමුවිය. ජෙයරාජ ඝාතණය පිල්ලෙයාන් පාර්ශවයේ වැඩක් බව ඔවුන් හෙළි කළේය
ඒ අනුව මෙම ලියුම්කරු ඇප ලබා එලියට පැමිණි විගස ජෙයරාජ් ඝාතණය ඇතුලත කුමන්තණයක් බව හෙළි කළේය. අප ප්‍රධාන කරුණු දෙකක් මහ ජනයාගේ අවධානයට යොමු කළේය
1. වසර 13ක් පුරා ලක්ෂමන් කුරේ ඇතුළු සැකකරුවන්ට ඇප ලබා නොදීම
2. 2022 සැප් 1 දින ගමපහ මහාධිකරනයෙන් ලක්ෂ්මන් කුරේ ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් කරපසු නිදහස් කරනවා වෙනුවට කිසිදු රැදවුම් නොයෝගයන් නොමැතිව ඔවුන් යලිත් බන්ධනාගාර ගත කිරීම
3. ලක්ෂ්මන් කුරේ ඇතුළු පිරිස නොදොස් කොට නිදහස් කළ පසු එදින රාත්‍රීයෙම මහින්ද ඝාතණය සඳහා කුමන්ත්‍රණය කළේ යයි අලුත් නඩුවක් පැවරීම .
නැෂනල් ඇලට් හෙළිදරව්වෙන් පසු පාර්ලීමේන්තු මන්ත්‍රී ලක්ෂමන් කිරිඇල්ල ලියුම්කරු සමග සංවාදයක යෙදුනේය. එහිදී ඔහු අතිශ්‍ය වැදගත් තවත් කරුනක් හෙළි කළේය. තමා ජෙයරාජ් ඝාතණය ගැන මුල සිටම අවධියෙන් සිටි බවත් ඝාතකයන්ට නවාතැන් දුන් දෙහිවල ප්‍රදේශයේ කාන්තාව පොලිස් අත්අඩංගුවේදී සැක කටයුතු ලෙස මියගිය බව කිරිඇල්ල මන්ත්‍රීවරයා කීවේය. ජෙයරාජ් ඝාතණය ඇතුලත කුමන්ත්‍රණයක් බව තමාට එදිනම පසක් වූ බව ඔහු කීවේය.
කිරිඇල්ල මන්ත්‍රීවරයා ලබාදුන් තොරතුර ගැන අප වැඩිදුරටත් කරුණු සොයා බැලූ අතර එහිදී එම තොරතුරු සත්‍ය බව තහවුරු විය. ජෙයරාජ් ඝාතණයේ සැකකරුවන්ට නවාතැන් ලබා දීම සම්බන්ධව රාජී නම් දෙමල කාන්තාවක් අත්අඩංගුවට ගෙන ඇති බවත් ඇය පොලීසිය තුලදී සැක කටයුතු ලෙස මිය ගොස් ඇති බව තහවුරු විය.රාජි නැගෙනහිර ප්‍රදේශයේ කාන්තාවක් බවද හෙළි විය
පසුගියදා යූ ටියුබ් නාලිකාවක් සමහ සාකච්ජාවකට එක්වෙමින් අප මෙතෙක් හෙළිදරකළ කරුණු වලට ජෙයරාජ්ගේ බිරිද පාර්ලීමේන්තු මන්ත්‍රී සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ අංශක 360 ක වලංගු භාවයක් දුන්නේය . සූදර්ශනීගේ වීඩියෝව පහත දිගුවෙන් නරඹන්න.
https://www.youtube.com/watch?v=1OxUs8fhUVU&feature=youtu.be







