රට ‍රැකෙන්නේ දේවදත්ත නිති වලින් නොව ආණ්ඩුක්‍රම නීතියෙනි – සිවුරුකාර තක්කඩියන්ට අභියෝගයක්

0
210

බෞද්ධ භික්ෂූන්ගේ නායකයා බුදුන් වහන්සේය. උන්වහන්සේ මියයාමට මොහොතකට පෙර විශේෂ ප්‍රකාශයක් කළේය. හිසට ගිණි ඇවිලුන පුද්ගලයෙක් එම ගින්න නිවාගැනීම සඳහා උත්සාහ කරන්නේ යම්සේද ඒ ආකාරයට නිවන් මාර්ගයේ යාමට උත්සාහ කරන ලෙස දැන්වූයේය .

දැන් බුදුන් වහන්සේ කියා දුන් මාර්හයේ යන බෞද්ධ භික්ෂුවක් සොයාගැනීම අති දුෂ්කර කටයුත්තකි. බුදුන්ට ආදරයක් නොදක්වන භික්ෂුවක් රටට ආදරය කරයි යැයි සිතිය නොහැක . අද සිටින්නේ භික්ෂූන් නොව නොමග ගිය සිවුරු කාරයින්ය

භික්ෂුව හොද වුවද නරක වුවද කහ සිවුර දරා සිටින තාක් සමාජ බලයක් හිමිය.දූෂිත භික්ෂූන් සිය පෞද්ගලික සුඛවිහරණය වෙනුවෙන් සිවුරට හිමි එම බලය අලෙවි කරයි. රාජ්‍යයේ දූෂිත බලවේග, ගණිකාවන් මෙන් විකිනෙන භික්ෂූන් මිලදී ගැනීම සිදු කරයි.

දන්නා ඉතිහාසය තුල බෞද්ධ භික්ෂූන් තරම් දේශපාලන කොන්ත්‍රාත්කරුවන් වූ පිරිසක් තවත් නැත. ඒ ආර්ථයෙන් බෞද්ධ භික්ෂූන් රටට කර ඇති හානිය අති විශාලය. ඒ පිලිබදව සාක්ෂි ඕනෑතරම් ඇත.

පසුගිය කාලයේදී බෞද්ධ භික්ෂූන් මුස්ලිම් ජාතිකයන්ගේ කොරෝනා සිරුරු භුමදානය කිරීමට එරෙහිව වූහ. බෞද්ධ භික්ෂූන් ගිණි තබා ගෙන සියදිවි හානා කරගන්නා බවට රජයට තර්ජනය කළහ. එය හිස් විරෝධතාවක් බව පසුව ඔප්පුවිය. නමුත් ඒ වන විට මුස්ලිම් රටවල් ලංකාව සමග තරහ වී හමාරය.

බෞද්ධ භික්ෂූන් දැන් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහි වී ඇත. මෙහිදී එක් කාරනාවක් සහතිකවම කිව හැක . එනම් 13 ට එරෙහිව  අරගල කරන බෞද්ධ භික්ෂූන් ගෙන් එක් අයෙක් වත් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවා නැත.

13 වන ආණ්ධුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ හොත් රට ෆෙඩරල් වනවා කියා විරෝධතා කරුවන් ප්‍රකාශ කරයි. පලාත් සභාවට නීති සෑදීමේ බලතල හිමි නිසා එම කථාව සත්‍යකි. නමුත් විධායකයට ඕනෑම විටෙක පලාත් සභාව විසිරුවිය කැකි නිසා රටේ එකීයභාවය ආරක්ෂා වී ඇත.

පසුගිය කාලෙයේ පැවති තෙල්, ගෑස් පෝලිම් වලින් එක් කරුණක් පැහැදිලි විය. ජාත්‍යන්තරයේ සහාය අහිමිවු සැනින් ලංකාව අපායක් බව තෙල් ගෑස් පෝලිම් වලින් පැහැදිලි විය .ජාත්‍යන්තරයේ සහාය ලබා ගත හැක්කේ රට දේවදත්ත නිකායේ නීති අනුව පාලනය කිරීමෙන් නොව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථව අනුව පාලනය කිරීමෙනි