ලංකාවේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය හිමි වන්නේ ඉතා සීමිත පිරිසකටය.ලංකාවේ අධ්‍යාපන ක්‍රමයේ තරගකාරී ගෝලීය ලක්ෂණ දැකිය නොහැක .උසස් අධ්‍යාපනය හුදෙක් පෙර පින අනුව ලැබෙන වාසනාවක ස්වභාවය දරයි.
එක් ලකුණක් අඩුවීම නිසා කෙනෙකුගේ වෛද්‍යවරයකු වීමේ සිහිනය සඳහටම බොදවී යයි . නමුත් දියුණුවන රටවල තත්ත්වය එසේ නොවේ. තමන් කැමති ඕනෑම ක්ෂේත්‍රයක අධ්‍යාපනය ලැබීමට ඔවුන්ට හැකිය. අධ්‍යාපනයේ නිදහස යනු මෙයයි.
නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු රැඩිකල් දේශපාලන පක්ෂවලට අනුව නිදහසේ අධ්‍යාපනය ලැබිය හැකි එම ක්‍රමය ඉතා භයානක විනාශකාරී දෙයකි ඔවුන් කැමති “නොමිලේ අධ්‍යාපනයට” පමණි. එනම් 1වසරේ සිට 13 වසර දක්වා රජය විසින් නඩත්තු කරන පාසල් වලින් නොමිලේ අධ්‍යාපනය ලැබන සහ ඉතා සීමිත පිරිසකට නොමිලේ උපාධියක් ලැබෙන ක්‍රමයය.
මෙම ක්‍රමය වෙනස් කරනවාට ඔවුන් කැමති නැත. නමුත් අද ලෝකයේ සෑම රටක්ම පාහේ ගමන් කරන්නේ නොමිලේ අධ්‍යාපනයක් වෙත නොව අධ්‍යාපනයේ නිදහස වෙතය. එනම් ඕනෑම අයකුට, ඕනෑම විෂය ක්ෂේත්‍රයක අධ්‍යාපනය ලැබීමේ හැකියාව වෙතය.
නව ලෝකයට අනුව වෙනස් නොවීම නිසා අද වන විට ලංකාවේ අධ්‍යාපනය බරපතළ කඩාවැටීමකට ලක්ව ඇත. අද ලංකාවේ එකදු විශ්ව විද්‍යාලයක්වත් ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල අතර නැත. ගෝත්‍රික අප්‍රිකානු රටවල් පවා ලංකාවේ විශ්ව විද්‍යාල අභිබවා ගොස් ඇත.
තවද නිදහස් අධ්‍යාපන ක්‍රමයෙන් බිහි වන ඵල බොහොමයක් නීරසය, කුරුවල්ය. උදාහරණයක් ලෙස රජය ඉතා විශාල වියදමක් දරා ගණිත විද්‍යා අංශයෙන් උපාධධාරීන් බිහිකළද නව නව සොයා ගැනීමක් නව නිර්මාණයක් කරන අයෙකු ගැන අසන්නට ලැබෙන්නේ නැත. අඩුම තරමින් ඔවුන්ට world index වලට ඇතුල් කළ හැකි මට්ටමේ නව සංකල්ප පත්‍රිකාවක්වත් ලියාගත නොහැක .
තවද ආර්ථික අර්බුදය පැමිණි විගස රට හැරදා පළමුව විදේශගත වන්නෙ නිදහස් අධ්‍යාපනයෙන් බිහිකළ උගතුන් කාණ්ඩයය. මොවුන් හුදෙක් රට ගැන හිතන පිරිසක් නොව තමන්ගේ බඩ ගැන හිතන පිරිසකි.
කෙසේ වුවද ජනතා විමුක්ති පෙරමුණට සහ රැඩිකල් දේශපාලන පක්ෂවලට අනුව නව ලෝකයට ගැලපෙන “අධ්‍යාපනයේ නිදහස ” තහනම් වචනයකි.
ඔබේත් මගේත් බදු මුදලින් නඩත්තු වන නිදහස් අධ්‍යාපනය ලෙස හඳුන්වන යල්පැනගිය ක්‍රමය ගෝලීය ලෝකයට ගැලපෙන පරිදි පරිදි වෙනස් කිරීමට ඔවුන් ඉඩ නොදේ