ඊයේ (10) දිනට යෙදී තිබූ ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන් ජාතික ජන බලවේගයේ නීතිඥයෝ විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරනු“ යන මැයෙන් සම්මන්ත්‍රණයක් පවත්වනු ලැබීය. එහි ප්‍රධාන කථාව කරනු ලැබුවේ ජනාධිපති නීතීඥ සුමන්තිරන් විසිනි.
JRගේ ඥාතියෙකු වූ බුල් වීරතුංග, 1979 දී උතුරේ ත්‍රස්තවාදය මැඩලීම සදහා විශේෂ පනතතකින් බලය ලබාදෙන ලෙස ඉල්ලාසිටි බව සුමන්තිරන් කීවේය.
ඒ අනුව, තාවකාලික පනතක් ලෙස මාස 6කට බලපවත්වන පරිදි ත්‍රස්ත විරෝධී පනත හදුන්වාදුන් බව හෙළි කළේය. හමුදාවට විශේෂ පනතකින් බලය දුන්නද, බුල් වීරතුංගට ත්‍රස්තවාදය මැඩ පැවැත්වීමට නොහැකි විය. නමුත් එය දැවැන්ත යුද්ධයක් දක්වා වර්ධනය වූ බව සුමන්තිරන් කීවේය.
එමෙන්ම මාස 6කට බලය දුන් පනත පසුව නීතියක් වු බවත් මේ වන විට එය දේශපාලන පලිගැනීම් සදහා භාවිතා කරන මෙවලමක් වී ඇති බව කීවේය.
PTA භාවිතා කොට විවිධ පුද්ගලයන් සිරගත කළ අයුරු සුමන්තිරන් විසින් හෙළිදරව් කලේය.තිස්සනායගම් වැනි නම් ඔහු එහිදී හයිලයිට් කළේය . සුමන්තිරන් සඳහන් කළ පුද්ගලයන් සියල්ලන් අතීත වින්දිතයන් විය
ජාතික ජන බලවේගයට සම්බන්ධ නීතිවේදියෙකු වන JM විජේබණ්ඩාර ද එහිදී අදහස් දැක්වූයේය.විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සහ රජීව් ගාන්ධිට නාවික හමුදා සෙබලෙකු විසින් පහරදීම PTA යටතට නොගත් බව ඔහු කීවේය . නමුත් මදූෂ්, කොස්ගොඩ තාරක වැනි පාතාල නායකයන් PTA යටතේ සිරගත කොට මරා දැමුවේය,
NPP කථිකයන්,අතීත වින්දිතයන් මතක් කළද PTA නිසා අද දුක් විදින කිසිවකු ගැන සඳහන් කළේ නැත.
1. ජෙයරාජ් ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අවු 13ක් තිස්සේ ඇප නැතිව සිටින, ලක්ෂ්මන් කුරේ ගැන NPP කථිකයන් වචනයක් කතා කළේ නැත
2. කොරෝනා මෘතශරීර ආදාහනය කිරීම ගැන වීඩියෝවක් නිකුත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව වසර 2ක් ඇප නැතිව සිටින මොහොම්ඩ් ෆසල් ගැන NPP කථිකයන් වචනයක් කතා කළේ නැත
තිස්සනායගම්ලා PTA යටතේ සිරගතකළේ යුද්ධයක් පවතින සමයකය නමුත් අද එනම් යුද්ධයක් නොමැති කාලයක සියගනනක පිරිසක් PTA යටතේ සිරගත කොට ඇත







