ඊයේ සිට මිහින්තලාව පංසලේ ලොකු හාමුදුරුවන්ගේ ආරක්ෂාව ඉවත් ඉවත් කොට ඇත . ඒ සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත්කෝපයට පත්ව ඇත. ආරක්ෂාව ආපසු දුන්නේ නැත්නම් නඩු දානවා බවට සජිත් තර්ජනය කරමින් සිටියි.
මේ සමග පොලීසිය ගැන දත්ත ප්‍රමාණයක් ඉදිරිපත් කොට ඇත .එය හිටපු පොලීසිය භාර ඇමති සරත් වීරසේකර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ එකකි.
ලංකාවේ පොලිසියෙ 83000 පමණ සිටියි. ඉන් 40000ක් VIPයයි ලේබල් කළ පුද්ගලයන්ගේ ආරක්ෂාව සඳහා වෙන්කොට ඇත.VIP ලේබලය අලවාගත් පිරිස 5500 පමණ වෙයි.එනම් සමස්ථ පොලිස් දෙපාර්තමේන්තුවෙන් බාගයක් VIP ලෙස සලකන සුළු පිරිසක් ආරක්ෂා කිරීම සඳහා යොදවා ඇත.
දෙකෝටියක් ජනයාගේ ආරක්ෂාව සඳහා යොදවන්නේ තේරී ඉතිරිවන පිරිසය. ලෝකයේ දියුණු රටවල VIP ආරක්ෂාව සඳහා වෙන්කරන භට පිරිස 5% කට අඩුය. නමුත් ලංකාවේ එය 47% කි.
ලංකාවේ VIP ආරක්ෂාව යනු කැත දේශපාලන ජාවාරමකි. මෙහිදී සිදු වන්නේ දේශපාලඥයන්, ආගමික නායකයන්, ජනමාධ්‍යවේදීන් වැනි සමාජ බලයක් හිමි චරිත පවතින ආණ්ඩුවට හීලෑකර ගැනීම සඳහා අල්ලසක් ලෙස VIP ආරක්ෂාව ලබා දීමය
.
VIP ආරක්ෂාව ලබාගෙන තිබෙන අයෙක්, ආණ්ඩුවට විරුද්ධව යම් ප්‍රකාශයක් කළවිට ඊට පසුදාම VIP ආරක්ෂාව ඉවත්කරනු ලබයි. මේ නිසා අදාල පුද්ගලයන් ආන්ඩුවට එරෙහිව වැඩ කිරීමෙන් සහ කතා කිරීමෙන් වැලකී සිටියි.
මිහින්තලේ ලොකුසාදු හැසිරෙන්නේ දාමරිකයෙකු ලෙසිනි . හොඳින් හෝ නරකින්, තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීම ඔහුගේ ක්‍රමය වෙයි. තවද තමන්ට කප්පම් නොගෙවන දේශපාලකයන් සාහසික ලෙස විවේචනය කිරීම කරයි.ලොකු සාදුගේ VIP ආරක්ෂාව ඉවත් කළේ එහි දිගුවක් ලෙසිනි.
මෙවැනි තත්ත්වයක් තුළ විපක්ෂ නායකයා වැඩ කළ යුත්තේ කෙසේද ? සජිත්ගේ තමන්ගේ සිස්ටම් චේන්ජ් එක ලෙස අදහස්කරන්නේ මහජන මුදල් කාදමන අපිරිසිදු ක්‍රමය පෙරටත් වඩා හොදින් පවත්වාගෙන යාමද?







