ජවිපෙ ඉන්දියාවේ හොඳහිත දිනයි, පලාත් සභා කාලාම සූත්‍රයට බහා බලමු

0
118

ඉහත ඡායාරූපයෙන් දැක්වෙන්නේ NPP ක්‍රියාකාරීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කටයුතු කරන බව ප්‍රකාශ කරමින් ප්‍රදර්ශනාත්මකව දිවුරුම්දෙන අවස්ථාවකි.

ඕනෑම රටක නීතියේ මුදුන්මල්කඩ වන්නේ ආණ්ඩුකරම ව්‍යවස්ථාවය. 13 වන සංශෝධනය ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසකි. පලාත් සභා ක්‍රමය එන්නේ 13වන ව්‍යවස්ථා සංශෝධනයෙනි.

NPP,13 වන සංශෝධනයට එකග බව පසුගියදා හරිනි විසින් මාධ්‍යට කියා තිබුණි. ජවිපෙ නව ප්‍රවණතා පක්ෂයටත් රටටත් හොඳ දෙයකි. තවත් අතෙකින් ජවිපෙට ඉන්දියාවේ හොද හිත දිනාගත හැක .

අපි කැමති වුනත් අකමැති වුනත් 1989 වසරේ සිට 13 වන සංශෝධනය ලංකාවේ මූලික නීතියක් බවට පත්වී ඇත. එනම් ව්‍යාවස්ථාවේ ප්‍රකාරව පලාත් සභා ක්‍රමය ලංකාව තුල ක්‍රියාත්මක විය යුතුය. එය ක්‍රියාත්මක නොකිරීම බරපතල වරදකි.

පලාත් සභා ක්‍රමය ඉන්දියාව විසින් බලහත්කාරීලෙස පැටවූ බවට චෝදනාවක් ඇත .එය කෙසේ වුවද, අප පලාත් සභා සමග  එකග නොමැතිම් අළුත් සංශෝධනයක් ගෙනවිත් පලාත් සභා අහෝසිකළ යුතුයි . හුදෙක් ඉන්දියාවට බැන අඬගැසීමෙන් පලක් නැත.

විධායකය සහ ව්‍යවස්ථාදායකය 13 ක්‍රියාත්මක නොකිරීම හරහා මූලික නීතිය උල්ලංඝනය කොට ඇති බවට තර්කයක් ගොඩ නැගිය හැක.

ලංකාවට IMF ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාවේ සහාය අවශ්‍ය නම් රට තුල නීතියක් පවතින බව සහ නීතියට ගරුකරන බව පෙන්විය යුතුය . නීතිය සෙල්ලමට ගත් රටකට ජාත්‍යන්තර ප්‍රජාව උදව් කරන්නේ නැත.

පලාත් සභා සම්බන්ධයෙන් පුරවැසියන් කළ යුතු හොදම දෙය එය කාලාම සූත්‍රයට බහා බැලීමය . එනම් කවුරුන් හෝ කී නිසා එය හොද හෝ නරක යයි පිලිගන්නවා වෙනුවට ස්වයං අධ්‍යනය කිරීමය. උදාහරණයක් ලෙස,

1. පලාත් සභා වලට නීති සෑදීමේ බලතල ඇති නිසා එය ෆෙඩරල් රාජ්‍යක ලක්ෂණ වලින් යුතුය.

2. නමුත් විධායකයට ඔනෑම විටක පලාත් සභා විසිරවිය හැකි නිසා රටේ ඒකීය භාවය ආරක්ෂා වී ඇත.

යන ආදී වශයෙන් පලාත් සභා ගැන මෙරට පුරවැසියන් ස්වයං අධ්‍යනය කොට තීන්දුවක් ගත යුතුය. හුදෙක් රනිල් , සරත් වීරසේකර , අනුරාධා යහම්පත් හෝ ගෙවිදු කියන නිසා එය හොඳ හෝ නරක යයි පිළිගැනීම නොකළ යුතුය