මහබංකු අධිපති රට බංකොලොත් යයි ප්‍රකාශ කළේ ලංකාවට ණය ගෙවීමට හැකියාව තිබියදී බව ගිය සතියේ සන්ඩේ ටයිම්ස් පුවත් පත හෙලිදරව් කොටතිබුණි.
මූලාශ්‍ර ගණනාවකින් ඩොලර් ණය ගැනීමට සැලසුම් කර තිබූ බවත් නන්දලාල්ගේ සාහසික මාධ්‍ය සාකච්ඡාව නිසා එම සැලසුම් උඩු යටිකුරු වූ බව සන්සේ ටයිම්ස් හෙලිකොට තිබුනි.එම ලිපිය පලවීමෙන් පසු නන්දලාල් සන්ඩෙ ටයිම්ස් පාලන අධිකාරියට කතා කොට තර්ජනය කළ බව මාධ්‍ය වාර්තා කොට තිබුණි
මෙම උණුසුම අතරතුරම, ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය හා ඉදිරි මඟ” මැයෙන් මහ බැංකු අධිපතිවරයා මෙහෙයවන සංවාදමය කථිකාවක් සංවිධානය කොට ඇත .ඊට සහභාගී වන ලෙස පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම්වරිය සියලු මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇත
මෙම සංවාදමය කථිකාව 2022 අගෝස්තු 30වන අඟහරුවාදා පස්වරු 2.00 සිට පස්වරු 4.00 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 1 හිදී පැවැත්වීමට නියමිතය.
මහජනතාව වෙනුවෙන් පහත ප්‍රශ්න මහබැංකු අධිපතිගෙන් විමසන ලෙස ඉල්ලා සිටිමු.
1. ණය ගෙවීමට හැකිව තිබියදී , ණය ගෙවිය නොහැකි බව ප්‍රකාශ කිරීම ඓතිහාසික වරදකි.
2. බුන්වත්භාවය පිළිබදව පාර්ලීමේන්තුව දැනුවත් නොකිරීම වරදකි. නිසි පටිපාටියෙන් බැහැරව එවැනි සංවේදී කරුණක් කෙලින්ම දෙස් විදෙස් මාධ්‍ය වලට ප්‍රකාශ කිරීම වරදකි.
3. ලංකාවේ ආහාර හිගයි කියමින් හදිසියේ ඉන්දියාවෙන් ආහාර නැවක් එවීම , හිගන්නන් පවා මුදල් එවීම ලංකාව බුන්වත් බව ලෝකයට පෙන්වීමට සිදුකල කුමන්ත්‍රණ වෙයි . මේවා ඉන්දයාවේ රෝ සංවිධානයේ කූට සැලසුම්ය.
4. 2012 ඉන්දියාවේ ආර්ථිකය කඩා වැටුනු විට, ඉන්දියාවට ගොඩ ගැනීමට පත් කළ IMF නියෝජිතයා තමා බව නන්දලාල්ම පවසා ඇත.නන්දලාල් රෝ ඔත්තු සේවයට අනුබද්ධ Central Economic Intelligence Bureau (CEIB) එකට සම්බන්ධ බවට ප්‍රකට ට්විටර් පිටු ගනනාවකින් චෝදනා කොට ඇත.
5.ලංකාවේ ආර්ථික කඩා වැටීම ඉන්දියාවට හොද ඉල්ලමක් විය. ඉන්දියාව ලංකාවට උදව් කරන මුවාවෙන් සෑම ක්ෂේත්‍රයකින්ම පහේ අසීමිතව ලාබ උපයා ඇත. ඉන්දියාවට වාසි වනලෙස ගත් ආර්ථික තීන්දු වලට නන්දලාල් උදව් කළාද ?
6. ‘ගෝඨා ගෝ’ කැරැල්ල විදෙස් හස්ථයක් විසින් මෙහෙයූ බවට ඕනෑ තරම් සාක්ෂි ඇත. නන්දලාල් අප්‍රි 12 වැනිදා ලංකාව බුන්වත් රටක් ලෙස ලෝකයා හමුවේ ප්‍රකාශ කළේ එම කුමන්ත්‍රණයේ කොටසක් ලෙසද ?
7. ගෝඨා ඉල්ලා අස්වී දින තුනකින් , IMF නොයාම වරදක් බව නන්දලාල් කීවේය.වසර 12 පුරා මහ බැංකුවේ දෙවෙනියා වූ ඔහු එවැනි ප්‍රකාශයක් කිරීමේ සුජාත භාවය කුමක්ද ?







