ශ්‍රීලංකාවේ 75 වැනි නිදහස් උළෙලට සහභාගි වීම පිණිස මාලදිවයින් විදේශ ඇමති Abdulla Shahid පෙබරවාරි දෙවැනිදා ලංකාවට පැමිණියේය. අබ්දුල්ලා ශාහිඩ් පෙබරවාරි 2- 4 කාලය අතර තුර බාල වයස්කාර දැරියක් අපහැරනය කල බවට පුවතක් මේ වන විට මාධ්‍ය විසින් වාර්තා කොට ඇත. මෙම සිදුවීමට අදාල ඡායා රූප කිහිපයක් මේ වන විට වයිරල් වී ඇත.
මේ සම්බන්ධව නැෂනල් ඇලට් විදේශ කටයුතු අමාතංශයෙන් විමසීමක් කළේය. මාධ්‍ය විසින් වාර්තා කර ඇති පුවත ගැන කිසිවක් ඔවුන් නොදන්නා බව එහිදී ප්‍රකාශ කළේය. නමුත් Abdulla Shahid ලංකාව තුල සිදුකරන අපචාර ගැන තොරතුරු අප සතුව ඇත .
පසුගිය වසරේ ජූනි මාසයෙදී ගණිකා වෘත්තියේ යෙදීම සම්බන්ධව වයස අවුරුදු 15ක බාල වයස්කාර දැරියක් ගල්කිස්ස පොලීසිය විසින් අත් අඩංගුවට ගත්ත්තේය. ඇය මුදලට විකිනීමට සම්බන්ධවූ තැරැව්කරුවන්ද පොලිස් අත් අඩංගුවට පත් විය .
ඇයගේ දුරකථනය් පරීක්ෂා කිරීමේදී ඇය සමග යහන් ගතවූ විශාල පිරිසකගේ තොරතුරු හෙළිදරව් විය. ඒ අතර නාවික හමුදාවේ විශේසඥ වෛද්‍ය වරයෙක්, මැණික් ව්‍යාපාරිකයකු, චීවරධාරියකු, නැවක කපිතාන්වරයකු, ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයින් සහ මිහින්තලේ ප‍්‍රාදේශීය සභාවේ උප සභාපතිවරයා සිටියහ.
ඒ අනුව වැලිසර නාවික හමුදා රෝහලේ විශේෂඥ වෛද්‍ය ලුතිනන් කමාන්ඩර් ඉන්දික දිමුතු ද සිල්වා ඇතුලු පිරිසක් බාල වයස්කාර දැරිය අපහැරණය (child sex racket) කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් විය.
දැරිය සම්බන්ධයෙන් විමර්ශණ ඉදිරියට යන විට කෙස් කෙලින් කරන තොරතුරු සමූහයක් හෙළිදරව් විය. දැරිය අපහැරණය කළ පුද්ගලයන්ගෙන් බාගෙට බාගයක් මාලදිවයින් ජාතිකයන් විය. මාලදිවයින් ජාතිකයන්ගේ තොරතුරු හෙළිවීමත් සමගම පොලිස් පරීක්ෂණ දේශපාලනීකරණය විය.
බාල වයස්කාර දැරිය අපහැරණය කිරීම සම්බන්ධව චෝදනා ලද මාලදිවයින් ජාතිකයන්ගෙන් වැඩි පිරිස ආන්ඩු පක්ෂයට සම්බන්ධ අයවළුන් විය. පොලීසිය ආන්ඩු පක්ෂයේ පිරිස බේරා විපක්ෂයට සම්බන්ධ පුද්ගලයන්ගේ නම් හෙළි කළේය.
ඒ අනුව මාලදිවයිනේ හිටපු මුදල් ඇමති Mohamed Ashmalee පොලිස් අත් අඩංගුවට පත් විය . දැරියගේ දුරකථනයේ වත්මන් මාලදිවයින් විදේශ ඇමති දුරකථන අංකය තිබුණි.නමුත් පොලීසිය ඔහු පසුපස ගියේ නැත.එපමනක් නොව පොලිස් පරීක්ෂණ අද්භූත ලෙස නැවතුනි.







