19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන ආවේ, 2015 බලයට පැමිණි එජාප ආණ්ඩුව විසිනි.ඒ වන විට රාජපක්ෂ රෙජීමය, 18 වන ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සංශෝධනය හරහා ඒකාධිපති පාලන රාමුවක් ඇති කොට තිබුනි. 2015 බලයට පැමිණි එජාප රජය 19 වන සංශෝධනය හරහා එම බලතල යලි කප්පාදු කළේය.
2019 දී ගෝඨාබය ජනපති විය . ඔහු 20 සංශෝධනය හරහා ඒකාධිපති බලතල යලි එකතු කළේය. 2022 අගෝස්තු මාසයෙදී ගෝඨා ඉල්ලා අස්විය. ඉන් පසු රනිල් බලයට පත් විය. ගෝඨා විසින් එකතු කළ ඒකාධිපති බලතල, කප්පාදු කළ යුතු බවට විශාල බලපෑමක්, රනිල්ට එල්ල විය.ඒ අනුව 22 සංශෝධනය ගෙන ආවේය.
2015 දී නැතහොත් 19 සංශෝධනය හරහා විධායක බලතල කප්පාදු කිරීම සදහා ප්‍රධාන ක්‍රමවේද 2 හදුන්වා දුන්නේය. එම සංශෝධන, ජනමත විචාරනයකින් තොරව පාර්ලීමේන්තුවේ 2/3 විශේෂ බහුතරයකින් සම්මත කළ හැකි බව 2015 දි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය. ඒ අනුව එම සංශෝධනය පහසුවෙන් සම්මත විය. එම සංශෝධන ද්විත්වය වන්නේ,
1. අග්‍රාමාත්‍යවරයා ඉවත් කිරීම සඳහා , ජනාධිපතිවරයාට ඇති අභිමතාණුසාරි බලය අහෝසි කිරීම
2, අමාත්‍යවරුන් පත් කිරීමේදී, ජනාධිපතිවරයා අගමැතිවරයාගේ උපදෙස් මත ක්‍රියා කළ යුතු වීම
එම සංශෝධනය නිසා ජනපතිගේ ඒකාධිපති බලතල සීමා විය . ඉහත සඳහන් කළ පරිදි ගෝඨා බලයට පැමිණි පසු 20 වන සංශෝධනය ගෙන එමින් ඒකාධිපති බලතල යලි එකතු කළේය.2022 රනිල් බලයට පැමිනි පසු, විධායක බලතල සීමාකළ යුතුබවට විශාල හඬක් ආවේය. ඒ අනුව 2022 සැප් මාසයේදී, 22 සංශෝධනය හදුන්වා දුන්නේය.
එහිදී අගමැති ඉවත් කිරීම සහ ඇමතිවරු පත් කිරීමේ අභිමතය සංශෝධනය කිරීමට ජනමත විචාරණයකට යා යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.ඒ අනුව එකම කරුණක් පිළිබදව ශ්‍රේෂ්ඨාධිකරණය වෙනස් තීරණ 2ක් දී ඇත.
මෙම තත්වය නිසා ශ්‍රේෂ්ඨාධිකරණයත් පැද්දෙන ඔංචිල්ලාවක් වගේ , එවැනි අයද ගෙදර යා යුතු බව සුමන්තිරන් පාර්ලීමේන්තුවේදී කීවේය . එම ප්‍රකාශය නිසා අධිකරණය අපහසුතාවයට පත්වූ බවත් ඒ පිළිබදව සෙවීමට පාර්ලීමේන්තු තේරීම් කාරක සභාවක් පත් කළ යුතු බව අධිකරණ ඇමති කථානායක වෙත ලිඛිතව දන්වා ඇත.
මොන කමිටු පත් කළද , මොන නඩු දැම්මද නැෂනල් ඇලට් අප මේ අවස්ථාවේ සුමන්තිරන් වෙනුවෙන් පෙනී සිටිමට තීන්දු කොට ඇත. ඒ අන් කිසිවක් නිසා නොව යුක්තිය වෙනුවෙනි







