පසුගියදා මහ බැංකු සේවකයන් ඉතා කූට ලෙස ලබා ගත් වැටුප් වර්ධකය පක්ෂ විපක්ෂ බොහෝ දෙනෙකුගේ උදහසට ලක් වී ඇත. මෙය සිදු කර ඇත්තේ පාර්ලීමේන්තුවට හොරෙනි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මහ බැංකු සේවකයන්ගේ වැටුප් පමනක් නොව සමස්ථ මූල්‍ය පාලනය පාර්ලීමේතුව සතුය.
මහ බැංකු ලොක්කා හොර පාරෙන් නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ වැටුප රු. මිලියන 1.6 දක්වා සහ සුළු සේවක වැටුප 70000 දක්වා වැඩි කර ගත්තේය.
මෙහි ඇති තවත් දැවෙන ප්‍රශ්නයක් වන්නේ මහ බැංකු ලොක්කා සහ ගෝලයන් එවන් වැටුප් වැඩිවීමක් ලැබීමට රට කළ සේවය කුමක්ද යන්නය.
2023 අගෝ 27 Sunday times හෙළිදරව් කළ පරිදි නන්දලාල් ණය නොගෙවීම ප්‍රකාශ කළේ රජයට ඩොලර් බිලියන 10.7ක ණයක් ලැබීමට ලැබීමට නියමිතව තිබියදීය .එනම් රට බංකොලොත් කිරීම සැලසුම් සහගත කුමන්ත්රණයකි
ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට උදව් කරන මුවාවෙන් ඉන්දියාව සෑම ක්ෂේත්‍රයක්ම ආක්‍රමණය කළේය. ඉන්දියාවට පක්ෂව ගත් ආර්ථික තීරණවලට නන්දලාල් සහාය දුන්නේය
අළුතින් මුදල් අච්චු ගසන විට ඉල්ලුම වැඩිවී භාන්ඩ මිල ඉහල යයි. එනම් අළුතින් මුද්‍රණය කළ මුදල් ජනයා අතට ගොස් එම මුදල් වලින් ඔවුන් පෙට්‍රල්, සීනි, කිරි, විදුලි උපකරණ ආදිය මිලදී ගනී. එම් භාන්ඩ ආනයනිත එනම් ඩොලර් ගෙවා ලංකාවට ගෙන්වූ ඒවාය. රුපියල් මුද්‍රණය කළ හැකි වුවද ඩොලර් මුද්‍රණය කළ නොහැක . මෙම තත්වය ඩොලර් හියයක් ඇතිවීමට බලපෑවේය.
1. පොලී අනුපාත ඉහල දැමීම
2. ආනයන සීමා කිරීම
මහ බැංකුව මෙම තීරණ ගන්නා මොහොතේ බැංකු තැන්පතු සඳහා පොලී අනුපාතය 17% ක් විය. උද්ධමනය 58% ක් විය . පොලියට වඩා උද්දමනය වැඩි තත්ත්වයක් තුළ ජනයා බැංකුවේ මුදල් දමන්නේ නැත.
තවද පොලී අනුපාත වැඩි කිරීම අර්බුධය උත්සන්න කිරීමට බලපෑවේය . ඉහළ පොලී අනුපාත ව්‍යාපාර සංකෝචනය කරනවා මිස ප්‍රසාරණය නොකරයි. පොලී වැඩි වීම ලංකාවේ කුඩා ව්‍යාපාර නට්ටන් කළේය . පොලී අනුපාත ඉහළ නැංවීම කොටස් වෙළඳපොළටද නරක ලෙස බලපෑවේය.
රට අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දී සිටින විට පොත් වල ඇති න්‍යාය එලෙසම යෙදීම භයානකය.සැබැවින්ම මහ බැංකු ලොක්කා සහ ගෝලයෝ පිරිස යනු ආර්ථිකයේ ගහලයන් මිස ගැලවුම් කරුවන් නොවේ. නමුත් ආර්ථිකය ගොඩ දැමීමේ කීර්තිය ලැබුනේ ඔවුන්ටය . වරප්‍රසාද ලැබුනේ ඔවුන්ටය