දිලිත්ගේ දේශපාලන ආගමනය දූපත්වාසීන්ට එල්ල වූ දෛවයේ සරදමකි

0
387

සක්‍රිය දේශපාලනයට පිවිසීම සඳහා දිලිත් ජයවීර සමාගම් කීපයක අධ්‍යක්ෂ මණ්ඩලවලින් ඉවත් වී ඇත.

මේ වන විට දිලිත් ජයවීර මව්බිම ජනතා පක්ෂයේ නායකත්වය දරනු ලබයි

දිලිත් ජයවීර ගේ ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයන් ඒකරාශී කරන ‘අරමුණ’ නමින් වැඩසටහනක් ක්‍රියාත්මක වෙමින් ඇත. සිය දේශපාලනයේ අර‍ටුව ලෙස ව්‍යාපාරික ප්‍රජාව යොදා ගැනීමට දිලිත් සැලසුම් කොට ඇත

කෙසේ වුවද දිලිත් ජයවීර කොරෝනා වසංගත සමයේ ඇන්ටිජන් කට්ටල වලින් , හෝටල් නිරෝධායනයෙන් ජනයා සූරාකෑ පුද්ගලයෙකු ලෙස ජනයාගේ පිලිකුලට ලක් වී ඇත

කොරෝනා වසංගත සමයේ ගුවන්තො‍ටුපොල වසා විදේශ ශ්‍රමිකයන්ගෙන් ලක්ෂ ගනනින් හූරාකෑ හෝටල් නිරෝධායනය සැලසුම් කළේ දිලිත් ජයවීරය.

හෝටල් නිරෝධායනය හරහා දිලිත් සූරාකෑවේ විදේශ ශ්‍රමිකයෙකු ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඉතිරිකරගත් ප්‍රග්ධනය විය.

එවැනි පුද්ගලයෙකු අරමුණ නමින් ව්‍යාපාරික වැඩමුලු පැවැත්වීම සහ දේශපාලනයට පිවිසීම දෛවයේ සරදමකි