මේ වනවිට ගම්මන්පිල, සෝභිත හිමි, ජවිපෙ වසන්ත ඇතුලු හත් දෙනෙක් තිලිනිගේ සිදුවීම සම්බන්ධව CID යට පැමිණිලි කොට ඇත. සමාජ ජාලා තුල සංවිධානාත්මකව සිදුකරන ව්‍යාජ ප්‍රචාර ගැන පරීක්ෂණ කරන ලෙස ඔවුන් ඉල්ලා ඇත.
නමුත් ද්වේශ සහගත ප්‍රචාර වර්ධනය වනවා මිස අඩුවීමක් නම් නැත. අද දින දෙරණ අරුණ පුවත්පතද ද්වේශ සහගතව ව්‍යාජ පුවතක් පල කොට තිබුණි. CIDය ස්ථානීය පරීක්ෂාවක් සඳහා 15 වැනිදා කොටුව ක්‍රිෂ් ගොඩනැගිල්ල වෙත ගිය බවත් එහිදී ක්‍රිෂ් විධායක අධ්‍යක්ෂ ජානකී සිරිවර්ධනගෙන් කටඋත්තරයක් ගත් බව වාර්තා කොට තිබුණි. මෙය මුළුමනින්ම අසත්‍ය ප්‍රකාශයකි.
මෑතකදී ට්විටර් සමාජ ජාලාව උණුසුම් කරමින්දිලිත් ජයවීර සහ නාමල් අතර ගැටුමක් ඇතිවූ බව රහසක් නොවේ . ඇන්ටිජන් කට්ටල් මිලදී ගැනීම සම්බන්ධව, දිලිත්ට එරෙහිව කැම්පේන් කළේ, ඇතුලත පිරිසක් බවට, දිලිත් චෝදනා කළේය.
ක්‍රිෂ් සමාගම ලංකාවට ගෙන ආවේ නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙනි. තිලිනිගේ සිදුවීමත් සමග මේ වනවිට ක්‍රිෂ් සමාගම දරුණු ප්‍රහාරයකට ලක් වී ඇත.දිලිත් ජයවීරගේ අරුණ පුවත්පත ව්‍යාජ පුවත් පල කරන්නේ ඊට එකකට එක කිරීම සඳහා විය හැකි සම්භාවිතාවක් ඇත .
රන්ජන් රාමනායක කෝටි 8 ක් තිලිනිගේ සමාගමේ තැන්පත් කල බවට පලවන පුවතද අසත්‍ය එකකි.රන්ජන් වසරකට වැඩි කාලයක් සිටියේ සිරගතවය. රන්ජන් එලියට පැමිණි පසු හෝ තිලිනි සමග ව්‍යාපාරික ගණුදෙණු සිදු කොට නැත. මෙය හුදෙක්ම රන්ජන්ගේ අනාගත දේශපාලන ගමන අඩාල කිරීමට කරන ලද සැලසුම් සහගත කුමන්ත්‍රණයකි
තමා තිලිනිගේ සමාගමේ මුදල් ආයෝජනය කළේ රට වෙනුවෙන් බවට කමල් හසන් කියන කියන කතාව මිත්‍යාවකි. ඔහු එම මුදල් ආයෝජනය කළේ පලමු ගණුදෙණුවේදී විශාල ලාභයක් ලබුණු නිසාය . තවද ඩොලර් විශාල ප්‍රමාණයක් ලග තබා ගැනීම වැනි ඔහුම කියන කථා නීතිය අනුව දඩුවම් ලැබිය යුතු වැරදි වෙයි.
කෙසේ වුවද කමල් හසන්ද මේ වන විට දේශපාලන පක්ෂයට සම්බන්ධ වී සිටින අතර ඔහු ඉදිරි පාර්ලීමෙන්තු මැතිවරණයට තරග කළ හොත් පුදුම විය යුතු නැත.
තිලිණි නිසා වින්දියන් ප්‍රමාණය දිනෙන් දින වැඩි වනවා මිස යුක්තිය ඉටුවන බව නම් පෙනෙන්නට නැත







