ඩයනා යලිත්, හබරණ කැලය මැද Electronic music festival එකක්,අනතුරක් අත ලඟ!

0
339

හබරණ  ව්යාපාරිකයෙකු වන සුමුදු සමන් නම අයෙක් හබරණ ඝන කැලෑව තුල ” jungle electronic music festival” පැවැත්වීමට කටයුතු යොදා ඇත.හබරන කැලය මැද මෙම වැඩසටහන ක්රියාත්මක කරන්නේ මහජනයා මුලා කරමිනි. ජනයා මුලා කිරීමට මෙම වැඩසටහන cultural festival එකක් ලෙස හදුන්වාදී ඇත .තවද ලංකාවේ අභාවයට යන, තොරණ් කලාවට නව ජීවයක් දෙන බව කියා ඇත.

Jungle electronic music festival” යනු කුමක්ද?

මෙය electronic music වල තවත් එක් ප්රභේදයකි. මෙහිදී සංගිත සැනකෙලිය පැවැත්වෙන පරිශ්රය කැලෑවක ස්වරූපයෙන් සකස් කරනු ලබයි. මෙහිදී සඳහන් කළ යුතු වඩාත් වැදගත්ම කාරණය ලෝකයේ කිසිම රටක් රක්ෂිත වනාතර තුල හෝ සංවේදී පරිසර කලාප තුල electronic music festival පවත්වන්නේ නැත.

මක්නිසාදයත් ඉලෙක්ට්‍රොනික සංගීතය, ඩිජිටල් උපකරණ සහ පරිපථ වලින් නිපදවන අධිබලැති ස්වර සංයෝගයකි.මෙය සත්ව ලෝකය උඩු යටිකුරු කිරීමට තරම් ප්‍රබලය .

මෙම සංගීත කලාව ලොවට හදුන්වා දුන්නේ ප්රංශ ජාතිකයෙකි. සිය නිර්මානය ලොවට හඳුන්වා දෙමින්, එය විඳීම සහ විඳවීම එකට සිදුකරන කලාවක් බව ඔහු කීවේය . Electronic music  අමුඩය සහ පුක මෙන්   අයිස්, පෙති, සහ හෙරොයින් සමග එකට බැඳී පවතියි.

Jungle electronic music festival නිසා සත්ව ලෝකය උඩු යටිකුරු වන හැටි

මිනිසුන්ගේ ශ්රවණ පරාසය 20Hz-20000Hz ලෙස පිළිගැනෙයි. සතුන්ගේ ශ්රවන පරාසය මීට වෙනස්ය. ඔවුන්ගේ ශ්රවණ ඉන්ද්රිය පිහිටා ඇත්තේ ඉතා කුඩා ශබ්ද පවා ග්රහණය වන පරිදිය. මේ හේතුව නිසා විශාල ශබ්ද සතුන්ට දරාගත නොහැකි තරම් පීඩා කාරීය.

අලියාට කිලෝමීටර් හතරක් තරම් ඈත සිට එකිනෙකාට තොරතුරු හුවමාරු කරගත හැක. කෘමීන්ගේ ශ්රවන පද්දතිය අති විශේෂ එකකි. බොහෝ කෘමීන් ශබ්ද ග්රහනය කර ගන්නේ උන්ගේ සිරුරේ තිබෙන සියුම් කේෂ සමූහයක් ආධාරයෙකි. වවුලා තමන්ගේ ගමන් මඟ ගමන් මග සහ ගොදුර හඳුනා ගන්නේ තමන් පිට කරන ශබ්දයේ දෝංකාරය නොහොත් සෝනාරය මාර්ගයෙනි.

කරුණු එසේ හෙයින් හබරණ ඝණ කැලය තුල පැය 100 පුරා අධි බලැති electronic music සංඛ්යාත ක්රියාත්මක කරන විට සිදු වන විනාශය දැන් ඔබට තේරුම් ගත හැක.

සංචාරක අමාත්යශය O/L වත් පාස් නැති ඩයනා-හරින් දෙබානට බාර දීමේ විපාක.

ශ්රී ලංකාව වන් චයිනා ප්රතිපත්තිය පිළිගෙන ඇති රටකි. එසේ තිබියදී ලංකාවේ සංචාරක අමාත්යංශය තායිවානයේ ජාතික දිනය සැමරීමට කටයුතු කළේය.ඒ සඳහා තායිවාන් රජයේ නිළධාරියෙකුද ගෙන්වා ගත්තේය.මෙය චීනයට කනට ගැසුවා වැනි වැඩකි.ඩයනා නිකරුනේ චීනය කුලප්පු කළාය

ඩයනා ගමගේ පසුගියදා USD බිලියන 18 ක ඩිස්නිලන්ත ආයෝජනයක් ගැන බොරු ප්‍රකාශයක් කොට ලංකාව අපකීර්තියට පත් කළාය

මේ වන විට ලංකාවට එරෙහිව යුරෝපා පාර්ලීමේන්තුවේ යෝජනාවක් සම්මත කොට ඇත. GSP සහනය ලබා දීමට නම් පරිසරය සහ වනසතුන්ගේ වාසභූමි ආරක්ෂා කළ යුතු බව එහි පැහැදිලිවම දක්වා ඇත. හබරණ කැලයේ පවත්වන jungle electronic music festivalඑක යුරෝපා පාර්ලීමේන්තුවේ කොන්දේසි වලට මුළුමනින්ම පටහැනි වූවකි.පහත දිගුවෙන් එම කොන්දේසි කියවා බලන්න

https://www.europarl.europa.eu/doceo/document/B-9-2021-0361_EN.html

විනාශයට ජනාධිපති ඇතුලු සමස්ථ රජය වගකිව යුතුය.

Deep jungle music festival එක සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයට මැදිහත් වීමේ කිසිදු අවශ්යතාවක් නැත.නමුත් ඔවුන් ඊට අනුග්‍රහය දක්වා ඇත .මීට අමතරව වනසතුන්ගේ ආරක්ෂාව ගැන කටයුතු කරන රාජ්ය ආයතන සියල්ල මෙම වැඩසටහනට අනුග්රහය දක්වා ඇත.

එක් music festival එකට අනුමැතිය දුන් පසු එය රැල්ලක් වීම නොවැලැක්විය හැක. එනම් එවැනි සැනකෙළි වලට දිගින් දිගටම අනුමැතිය දීමට සිදු වෙයි. සංචාරක අමාත්යංශයේ ඉලක්කයද එයයි.

Deep jungle music festival සැනකෙලිය හරහා හබරණ පරිසර පද්දතියට එල්ල වන බලපෑම නිසා ප්රදේශයේ පවතින සත්ව මිනිස් ගැටුම උග්ර වනු ඇත

Deep jungle music festival සඳහා දිසා වන කාර්යාලය අවසර දී ඇත්තේ පෙබරවාරි 17, 18, 19 දින සදහා පමනි.නමුත් සංවිධායකයන් 20 දින සඳහාද ටිකට් විකුණා ඇත . මෙය අපරාධ වරදකි. කරුණු එසේ හෙයින් සුමුදු සමන් නම් තක්කඩියා අත්අඩංගුවට ගෙන ප්රශ්න කල යුතුව ඇත.

වැටත් නියරත් ගොයම කන රටක මෙවැනි සිදුවිම් අරුමයක් නොවේ. National Alert සංවිධානය හෙට දිනයේ මේ පිලිබදව යුරෝපා පාර්ලීමේන්තුවට කරුණු දැක්වීමට නියමිතය. තවද මහජන අර්ථසිද්ධි නඩුකර යටතේ මෙම අවනඩුව ශ්රේෂ්ඨාධිකරණයට ගෙන යාමට සැලසුම් කර ඇත.

Keerthi Ratnayaka – www.NationalAlert.lk