සයිනයිඩ් කතාව අවුල්, වෛද්‍ය වාර්තාව දුන් එකා වැඩ තහනමට ලක්වූ දූෂිතයෙක් CID ය යලි අනා ගනී

0
226

දිනේෂ් ෂාෆ්ටර් ගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ කරුණු පරස්පර විරෝධි බැවින් එය  පිළිගත නොහැකි බව  ෂාෆ්ටර් ගේ   පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ඊයේ (9) කොළඹ අතිරේක මහේස්ත්‍රාත්ට දැනුම් දුන්නේය. අධිකරණය අමතමින් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සඳහන් කළ කරුණු පහත පරිදිය

1.මෙම මරණය සම්බන්ධයෙන් ස්ථානීය නිරීක්ෂණයට ගිය අධිකරණ නිලධාරියා  මරණකරුගේ දකුණු කරට ඉහළින් සහ අඟල් දෙකක් පහළින් අඟල් දෙකක ප්ලාස්ටර් දෙකක් තිබුණු බවට සටහන් කර ඇති බව

2. වම් ඇස අසල හා දකුණු ඇස අසල රත් පැහැ වීම් හා රතු සීරීම් ඇති බවට සලකුණු තිබෙන බව

3. අත් දෙකේ මාපට ඇඟිලි දම්පැහැ ගැන්වී  දේහයේ යට පැත්තේ රත් පැහැ ගැන්වී තිබෙන බව, උදරයේ මැද සහ  දකුණු කකුල රත්පැහැ තුවාල ඇති බව

4. මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කළ අධිකරණ වෛද්‍ය නිලධාරි රුහුල් හක්ගේ සේවය 2022/12/20 දින වෛද්‍ය සභාව විසින් මාස 8ක කාලයකට  තහනම් කර තිබෙන බව

5. සයිනයිඩ් කෑ පුද්ගලයකුගේ බල නහර දිගේ පිලිස්සීම් තුවාල තිබිය යුතු යුතු බවත් එවැනි සටහන්  නැති බව  .

6. තවදුරටත් මරණකරුගේ නියපොතු සම්බන්ධයෙන් DNA වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව

7. දිනේෂ් ශාෆ්ටර් මිය ගිය දිනයේ  දවල් 11.23ට  සිය සමාගමේ  සාකච්ඡාවකට සහභාගි වී ඇතිබව

8. මරණය සම්බන්ධයෙන්  CID  ය සහ අධිකරණ වෛද්‍ය නිළධාරියා ඉදිරිපත් කරන කරුනු කරුණු පරස්පර බව සහ එය පිලිගත නොහැකි බව .

දිනේෂ් ශාෆ්ටර්ගේ ජංගම දුරකථනයේ තිබී  Most important who is behind  Brian Thomas- (බ්‍රයන් ‍තෝමස් පි‍ටුපස සිටින හස්ථය කවුද යන්න ඉතා වැදගත්ය) ලෙස සදහහ් වූ සටහනක් හමුවී ඇත. බ්‍රයන් විසින් දිනේෂ්ට රු බිලියන් 1.4 ක වංචා කර තිබුනි. ඔහු ඒ පිලිබදව CID ට පැමිනිලි කලද වසර 2 ක් යන තුරු කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැත. පසුව ඔහු අත්අඩංගුවට ගත්තද රු 25000 ක ඇප මත නිදහස් විය . ඇප දීමට පොලීසිය විරුද්ධ වූයේ නැත.