ඉන්දීය ජාතික ආරක්ෂාවේ හදවතට ප්‍රහාරයක්, වෙඩිල්ල ආවේ කොළඹින්!

0
503

ජනවාරි 26 ඉන්දියාව සිය 74 වැනි ජනරජ දිනය  ඔවුන්ගේ හමුදා බලය ප්‍රදර්ශනය කරමින් වර්ණවත් පෙළපාළි සමගින් සමරනු ලැබුවේය.

ජනරජ දින ඉන්දියාව මිලිටරි සංදර්ශන පෙන්වන විට  ඔවුන්ගේ ජාතික ආරක්‍ෂාවට සම්බන්ධ අතිශය සංවේදී දත්ත 2TB ප්‍රමාණයක් සොරාගැනීමට ලක්වී ඇත

ශ්‍රී සත්‍යනාරායන් නන්දිලාල් නුවල් සහ ඔහුගේ   Solar Industries India Ltd  ඉන්දියාවේ ජාතික ආරක්ෂාව හා බැඳුන මර්මස්ථානයකි . Solar Industries India ලෝකයේ ප්‍රධානතම පුපුරණ ද්‍රව්‍ය නිෂ්පාදන සමාගමකි. එහි වාර්ෂික ආදායමේ විශාලතම පංගුව ලැබෙන්නේ ආරක්ෂක අංශ වලට අවශ්‍ය පුපුරණ ද්‍රව්‍ය අවි ආයුධ නිෂ්පාදනයෙනි

ශ්‍රී සත්‍යනාරායන් සහ Solar Industries India පහත සඳහන් රාජ්‍ය  ආයතනවල මහ මොළකරු ලෙස ක්‍රියා කරයි

1. ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානය (DRDO)

එය ඉන්දීය රජයේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ප්‍රමුඛතම ආයතනය වන අතර, හමුදාවේ පර්යේෂණ හා සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පූර්ණ වගකීම දරයි. ගුවන් යානා , UAVs, කුඩා අවි, කාලතුවක්කු පද්ධති, EW පද්ධති (Electronic warfare) ,යුධ ටැංකි සහ සන්නද්ධ වාහන, සෝනාර් පද්ධති,  සහ මිසයිල පද්ධති වල තාක්ෂණය නිර්මානය කිරීම මෙම ආයතනය විසින් සිදු කරයි.

2. ගෑස් ටර්බයින් පර්යේෂණ ආයතනය (GTRE)

GTRE සංවිධානය ද ඉන්දියාවේ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වේ. GTRE හි ප්‍රධාන කාර්ය වන්නේ මිලිටරි යානා සහ යන්ත්‍ර සදහා සඳහා ගෑස්-ටර්බයින එන්ජින් සැලසුම් කිරීම සහ සංවර්ධනය කිරීමය.

ඉන්දීය ජනරජ දිනයේදී මෙම ආයතන දෙකේ මහ මොළය වන ශ්‍රී සත්‍යනාරායන් ගේ Solar Industries India ආයතනය හැකර් ප්‍රහාරයට ලක් විය .

මෙම ප්‍රහාරය  BlackCat Ransomware හැකර් කණ්ඩායම විසින් සිදු කර ඇති බවට විමර්ශකයින් විසින් සැක කරයි. CloudSEK දත්ත ආරක්ෂණ ආයතනය අදාල සිද්ධිය සහ දත්ත කාන්දුව සත්‍ය බව තහවුරු කර ඇත.

CloudSEK වාර්තාව අනුව හැකර් කන්ඩායම විසින් ඉතා රහසිගත හමුදා තොරතුරු , අවි ආයුධ වල තාක්ෂණ දත්ත  ඇතුළුව 2TB පමණ දත්ත සොරකම් කර ඇත.

සයිබර් ප්‍රහාරයේ පළමු උණ්ඩය නොහොත් malware එක පැමිණ ඇත්තේ කොළඹ පිහිටි entity එකකින් බව පරීක්ෂණ කන්ඩායම් සොයාගෙන ඇත.