ආණ්ඩුව මෙතෙක් ප්‍රසිද්ධ නොකළ, IMF කොන්දේසි ඇතුළත් ගිවිසුම, හර්ෂ ද සිල්වා විසින් නොවැ 9 දින පාර්ලිමේන්තුවට රැගෙන ආවේය.
මෙම ගිවිසුම රජය විසින් ජනගත නොකිරීමට හේතු වූයේ , එය එළිදැක්වීම තුලින්, IMF සමග දැන් සිදුවෙමින් පවතින සාකච්ඡා වලට බලපෑමක් ඇතිවිය හැකි යයි වූ පූර්ව නිගමනය නිසාය
හර්ෂ මැජික් කාරයෙකු මෙන් එම ලියවිල්ල පෙන්වූයේය . එපමනක් නොව තවද හනුමාගේ භූමිකාව රඟ දක්වමින් ලියවිල්ලේ බදු සංශෝධන අඩංගුවූ පරිශිෂ්ඨය හර්ෂ විසින් කියවූයේය
එවිට වැඩ බලන මුදල් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය හර්ෂගේ ක්‍රියාකලාපය ගැන අදහස් දක්වූයේය. අදාල ලියවිල්ල තුල සංවේදී කරුණු අඩංගු බැවින් වගකිව යුතු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කරන ලෙස ඉල්ලීමක් කළේය.
ඒ සමගම හර්ෂ තමා වගකියුතු ආකාරයෙන් කටයුතු කරන බවත් ඒ නිසා නිහඬ වන බවත් ප්‍රකාශ කලේය
කෙසේ වුවද හර්ෂ ක්‍රියාකරන අන්දම ලියවිල්ල කියවනවාට වඩා භයානක බව සියබලාපිටිය කීවේය.
මෙම සිදුවීම සම්බන්ධව තවත් භයානක පැතිකඩක් ඇත. එනම් මෙම ලියවිල්ල හර්ෂට ලීක් කළේ කවුද යන්න සහ ඒ හා බැදුන දේශද්‍රෝහීත්වය විභාග කිරීමය.
ලියවිල්ල තමා අතට පත්වූ ආකාරය පිලිබදව සෑබෑ තොරතුරු වසන් කරන ආකාරය ඔහුගෙන් මනාව විද්‍යාමාන විය.
එම ලියවිල්ල තමන්ට ලැබුනේ ජනාධිපතිවරයා විසින් කමිටුවලට පත්කළ පුද්ගලයින්ගෙන් බව හර්ෂ ඉඟි කළේය. නමුත් එය සැබෑ තක්කඩියා වසන් කිරීම ගෙතූ කථාවකි.
මේ සම්බන්ධව නැෂනල් ඇලට් පසුගිය දින කිහිපය පුරාම විමර්ෂ්ණයක් සිදු කළේය . IMF කොන්දේසි අඩංගු ලියවිල්ල හර්ෂට ලබා දුන් පුද්ගලයා කවුද යන්න පිළිබදව වැදගත් සාක්ෂි කිහිපයක් සොයා ගැනීමට අපට හැකි විය.
ඒ අනුව හර්ෂට එම ලියවිල්ල ලබා දුන් පුද්ගලයා ලෙස ගම්‍ය වූයේ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ.
ලංකාව බංකොලොත් යයි ප්‍රකාශ කිරීම නිසා, රටට සිදුවූ පාඩුව ගණන් ඉලක්කම් වලින් කිව නොහැකි තරම් මහා පරිමාන එකකි. ලංකාව එවැනි තැනක් දක්වා රැගන ඒම, කුමන්ත්‍රණයක් බව මේ වන විට ඔප්පු වී ඇත. නන්දලාල් වීරසිංහ එම කුමන්ත්‍රණයේ ප්‍රධාන භූමිකාවක් ඉටු කළ බවද ඔප්පු වී ඇත .







