මැතිවරණ කොමිසම පිලාත් මෙන් අත සෝදාගයි !

0
515

මැතිවරණයක් සදහා විශාල මුදලක්, ශ්‍රමයක් සහ කාලයක් වැය වෙයි. එය මැතිවරණ කොමිසම විසින් සිදුකරණ තනි මෙහෙයුමක් නොව සමස්ථ රාජ්‍ය යාත්‍රණය යොදා ගෙන සිදු කරන මෙහෙයුමකි.

මැතිවරණයක් පැවැත්වීම එක් ‍රැයකින් කළ නොහැක , ඒ සඳහා පෙරසූදානමක් අවශ්‍ය වෙයි. ඡන්ද පෙට්ටි සහ ඡන්ද කුටි සෑදිය යුතුය . පැරණි ඡන්ද පෙටිටි අලුත්වැඩියා කළ යුතුය . ඡන්ද, මධ්‍යස්ථාන, ගණන් කිරීමේ මධ්‍යස්ථාන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල මෙහෙයුම් මධ්‍යස්ථාන බවට පත් කළ යුතුය. එම මධ්‍යස්ථාන වල විදුලිය, ජලය, ඉන්ධන , ආහාර , ආරක්ෂාව සහතික කළ යුතුය

ඡන්ද පත්‍රිකා (ballot paper) අවශ්‍ය කඩදාසි ආනයනය කල යුතුය. මුද්‍රණය සඳහා විශේෂිත තීන්ත ආනයනය කල යුතුය. ඡන්දය භාවිතා කළ පසු ඇඟිල්ලේ උලන තීන්ත වර්ගය ආනයනය කළ යුතු එකකි. කඩදාසි සහ තීන්ත ලැබුන පසු රජයේ මුද්‍රණාලයට ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා දින 15 -20 අතර කාලයක් වැය වෙයි. කරුනු එසේ හෙයින් මැතිවරණයට මාස 3කට පෙර ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා අවශ්‍ය කඩදාසි සහ තීන්ත ඇනවුම් කළ යුතුය.

නමුත් මැතිවරණය සඳහා කඩදාසි සහ තින්ත මේ දක්වා ඇනවුම් කොට නැත. අඩුම තරමින් ඒ සඳහා මුදල් වෙන් කිරීමක් හෝ සිදුව නැත. වෙන් කිරීමට මුදල්ද නැත. නීතියට අනුව පලාත් පාලන මැතිවරනය 2023 දී පැවැත්විය යුතු වුවද , එය ප්‍රායෝගිකව කළ නොහැක්කකි.

2023 මැතිවරණය සදහා රජයෙන් මුදල් නොලැඹෙන බව මැතිවරණ කොමිසම දැන සිටියේය . මෙම තත්වය සජිත් සහ අනුර කුමාරද දැන සිටියහ. නමුත් කිසිවෙකු ඇත්ත කථා කළේ නැත.

පලාත් පාලන මැතිවරණය බොඳ වීමට ප්‍රධාන හේතුව මුදල් නොමැති වීමය. නමුත් ඇත්ත කතාව පසෙක තබා සජිත් සහ අනුර බොර දියේ මාලු බෑවේය . ආන්ඩුව මැතිවරණ පැවැත්වීමට බියවී සිටින බව හයිලයිට් කොට දේශපාලන වාසියක්  ලැබීමට ඔවුන් උත්සාහ කළහ.

මැතිවරණයක් පැවැත්වීමට සම්පත් නොමැති බව දැන දැනම සජිත් සහ අනුර මැතිවරණයක් ඉල්ලා සිටියි. මැතිවරණ කොමිසමද ඇත්ත කථාව කියනවා වෙනුවට පිලාත් මෙන් අත සෝදා ගනියි.

රටකට මැතිවරණ පැවැත්වීමට මුදල් නොමැතිවූ විට ජාත්‍යන්තරය ආයතන විසින් මුදල් ලබා දුන් අවස්ථා ඇත.නමුත් ලංකාවට ආධාර දීමට කිසිදු ජාත්‍යන්තර සංවිධනයක් ඉදිරිපත් වි නැත.

යම් හෙයකින් මැතිවරණයක් පැවැත්වූව හොත් එහි වාසිය ලැබෙන්නේ අනුරකුමාරටය . එදා මෙදා තුර ඉතිහාසයේ ජවිපෙ ලබා ගත් වැඩිම ඡන්ද ප්‍රමාණය වාර්තා කරනු ඇත .

ජවිපෙ ඔසවා තැබීම චීන කොමියුනිට්ස් පක්ෂයේ ඉලක්කයකි. නමුත් ඉන්දියාවට හෝ ඇමෙරිකාවට එවැනි අපේක්ෂාවක් නැත. රනිල්ටද එවැනි අපේක්ෂාවක් නැත කරුනු එසේ හෙයින් මැතිවරණය යථාර්ථයක් නොවේ. පලාත් පාලන මැතිවරනය  හුදෙක් ජනයා ‍රැවටීමක් පමනි.