බෙදුම්වාදයට පණ දෙන ලෝගු කාරයන් නිසා වැනසෙන ඛනිජ ආර්ථිකය.

0
20

මන්නාරම ලංකාවේ ඛනිජ සම්පත් අතින් පොහොසත්ම දිස්ත්‍රික්කය වෙයි.
පෙට්‍රෝලියම්,ඉල්මනයිට්,රූටයිල් සහ සර්කොන් ඒ අතර ප්‍රධානය.

මන්නාරම ඛනිජ වැලි විශේෂිතය.එහි ඇති ඉල්මනයිට් වලින්  58% සහ රූටයිල් වලින් 98% ලෙස ටයිටේනියම් ලබාගත හැක.

තවත් අතෙකින් ස්ථාවර සුළඟක්  පැවතීම නිසා සුළං බලාගාර  ඉදිකිරීම සඳහා එය ඉතා සුදුසු  භූමියකි.

කෙසේවුවද  විරෝධතා  නිසා සුළං බලාගාර සැලසුම හකුළා ඇත.විවිධ ප්‍රතිරෝධ නිසා ඛනිජ වැලි ව්‍යාපෘති අඩාල වී ඇත.ඛනිජ තෙල් ව්‍යාපෘතිය තවමත් ගවේෂණ මට්ටමේය.

ඛනිජ ආර්ථිකයට අකුල් හෙලන්නේ කවුද?

උතුරේ ඛනිජ ආර්ථිකයට මුල්ම ප්‍රහාරය එල්ල කරේ වේලුපිල්ලේ  ප්‍රභාකරන්ය.

1.LTTE  සංවිධානය 1996 අගෝ 6,  ඉල්මනයිට් ප්‍රවාහනය කළ MV Princess Wave නෞකාවට පහර දුන්නේය.

2.1997 සැප් 12, ඉල්මනයිට්  ප්‍රවාහනය කළ  M.V. Cordiality නෞකාවට පහර දුන්නේය.

උතුරේ ඛනිජ සම්පත්  දකුණේ රජයට  නොදිම  එල්ටීටීඊ ප්‍රතිපත්තිය විය. පල්ලියේ ප්‍රතිපත්තියත් එයම  විය.ප්‍රභාකරන් සහ රායප්පු ජෝසප්  නැති වුවද  ඔවුන්ගේ ප්‍රතිපත්ති  අදටත් එහි ක්‍රියාත්මකය.

ඛනිජ ආර්ථිකයට පහර දීමට අවි වෙනුවට අද භාවිතා කරන්නේ කුමක්ද ?

1. පල්ලියේ භූ දේශපාලන බලය.

සුළං බලාගාර සැලසුම හකුලා දැමුවේ වතිකානුවේ  ජාත්‍යන්තර
සබඳතා පිළිබඳ ලේකම් අගරදගුරු පෝල් රිචඩ් ගැලගර් කොළඹ පැමිණි දිනය.

එසේ කළේ අධිකරණ නියෝගයක් හෝ පිළිගත් පාරිසරික වාර්තාවක් නිසා නොව  හුදෙක් පල්ලියට ඇති බිය නිසාය.

2.උඩු යටිකුරු කළ පරිසර ප්‍රතිපත්ති.

විදුලිය  හා සම්බන්ද පාරිසරික  හානිය  හානිය අඩුම ප්‍රභවය සුළඟ වෙයි.

ඉල්මනයිට් විකිරණශීලීය.පිළිකා ඇතුළු  සෞඛ්‍ය අවදානමක් එහි ඇත. වෙරළ ආශ්‍රිත. ඉල්මනයිට් ඉවත් කිරීම යහපත් වැඩකි.

රැල්ලක්.  එනවා වැල්ලක් එනවා ” ලෙස මන්නාරම ජනයා අතර කතාවක් ඇත.උතුරු මුහුදේ  දියවැල්  විවිධ දේශාන්තර වලින් වටිනා ඛනිජ සම්පත් මෙරට වෙරළට රැගෙන එයි.

නමුත් වෙරළට ගොඩ ගසන්නේ වැලි නොව කළු රත්තරන් බව ජනයා දන්නේ නැත.පල්ලිය ජනයාට ඇස් ඇරීමට ඉඩ දෙන්නේ නැත.

එදා ප්‍රභාකරන් විමුක්තියට මුවාවී ජනයාට  සයිනයිඩ් කැව්වේය.මෙදා පල්ලිය  පරිසරයට මුවාවී  බෙදුම්වාදයට පණ දෙමින් සිටියි.

වත්මන් ජන වරම  ඛනිජ ආර්ථිකයට සහ පුනර්ජනනීය බල ශක්තියට පක්ෂව ලැබී ඇත.

කරුණු එසේ හෙයින්  ප්‍රතිගාමී බලවේග වලට යට නොවී ජනතා අභිලාෂ ඉටුකිරීමට වග බලා ගත යුතුය.