ලංකාවේ එළවලු සහ පලතුරු නාස්තිය ඉතා විශාල වන අතර එය 43% වැනි විශාල අගයක් ගනියි.
එළවලු සහ පලතුරු කල්තබා ගැනීමට නිසි ක්‍රමවේද හදුන්වා දිම තුලින් ආහාර නාස්තිය අවම කළ හැක .තවද වෙළදපොල මිළ මට්ටම් ඉහල පහල යාමට තිරසාර විසදුමක් ලබාදිය හැක.
මීට විසදුමක් ලෙස එජාප රජය කෘෂි ශීතාගාර ජාලයක් ඉඳිකිරීමට සැලසුම් කළේය . ඒ අනුව 2019 අප්‍රේල් 01 පළමු ශීතාගාරය ඉඳිකිරීම දඹුල්ලේ ආරම්භ විය. 2019 ඔක් 10 දින එම ව්‍යාපෘතිය නිම කළ යුතු විය.හර්ෂද සිල්වා මෙම ව්‍යාපෘතිය බාර ඇමතිවරයා විය.
ශීතාගාර සංකීර්ණය ඉදිකිරීම සඳහා ඉන්දියාව විසින් රුපියල් මිලියන 300 ක යළි නොගෙවන ප්‍රදානයක් ලබාදුන් අතර ව්‍යාපෘතිය සදහා අවශ්‍ය ඉතිරි මුදල වූ රු මිලියන 225 එජාප රජය විසින් ලබා දී තිබුණි.මේ බව හර්ෂද සිල්වා විසින්ම ප්‍රකාශ කොට ඇත.
නමුත් මෙම ව්‍යාපෘතිය නියමිත දිනට අවසන් කිරීමට හර්ෂද සිල්වා අසමත් විය. එනම් ශීතාගාර ව්‍යාපෘතිය ප්‍රමාද වීමේ ජාතික අපරාධයට, මූලිකවම වගකිව යුත්තේ හර්ෂද සිල්වාය.
හර්ෂද සිල්වා සීතල තක්කඩියෙකි. ජයග්‍රහනයක් වී නම් එය තමා කළ බව පෙන්වීමට උත්සාක කරයි, අසමත්වීම අනුන්ගේ කරේ එල්ලනු ලබයි. පසුගිය සතියේ හර්ෂද සිල්වා දඹුල්ලේ ශීතාගාර සංකීර්ණය බැලීමට ගියේය. කැමරා ඉදිරියේ හර්ෂ හැසින ආකාරය නරඹන්න , විනිෂ්චය කරන්න.https://fb.watch/nAKsIqp6kx/
තවද, මේ සම්බන්ධව විමසීමට, හර්ෂට දුරකථන ඇමතුම් ගනනාවක් ගත්තද ඊට ප්‍රතිචාර දැක්වූයේ නැත. අඩුම තරමින් වට්ස් ඇප් පනිවිඩයකටවත් ඔහු ප්‍රතිචාර දැක්වූයේ නැත