PTA , ICCPR සහ අධිකරණයට අපහාස කිරීමේ නීතිය ඔනෑම රාජ්යක වැදගත් නීති ක්ෂේත්ර 3කි . මෙම නීති ත්රිත්වයේ පරම අපේක්ෂාව රජ්ය තුල ජාතික ආරක්ෂාව ,ජාතික සංහිඳියාව සහ ජාතික යහපාලනය පවත්වාගෙන යාමය.
ජාතීන් අතර සමගිය ජාතික ආරක්ෂාවේ පදනම වෙය. නමුත් මෙරට ආරක්ෂක අංශ PTA භාවිතා කරන්නේ ජාතීන් අතර සමගිය සුරැකෙන ආකාරයෙන්ද ? ලංකාවේ PTA නීතිය භාවිතා කරන්නේ ජාතික සමගිය පළුදුවන ආකාරයෙනි.මාස 6ක් නිකරුනේ හිරේ දැමූ මෙම ලියුම්කරු ඊට සාක්ෂිය
මූලික මිනිස් අයිතිවාසිකම් සුරැකිම සංහිදියාවේ පදනම වෙයි. නමුත් මෙරට ආරක්ෂක අංශ ICCPR භාවිතා කරන්නේ මූලික මිනිස් අයිතිවාසිකම් සුරැකෙන ආකාරයෙන්ද ? ICCPR භාවිත කොට ශක්තික සත්කුමාර, සේපාල සිරගත කළේය .ලංකාවේ ආරක්ෂක අංශ ICCPR භාවිත කරන්නේ මූලික මිනිස් අයිතිවාසිකම් ඩෝසර් වන අයුරිනි
නීතියේ පාලනය අධිකරණ පද්දතියේ පදනම වෙයි. එනම් නීතියේ පාලනය සර්වත්ර කුලකය වන අතර අධිකරණය එහි උපකුලකයකි. කරුණු එසේ හෙයින් අධිකරණයට අපහාස කිරීමේ නීතිය භාවිතා කල යුත්තේ නීතියේ පාලනය ආරක්ෂා වන අයුරිනි.
රටක ආණ්ඩුක්රම ව්යවස්ථාව හෝ නීති පද්දතිය කොතරම් බහුශ්රැත වුවත් එහි ඵලය රදා පවතින්නේ පාලකයන් විසින් එය ඇප්ලයි කරන ආකාරය අනුවය . ලංකාවේ දේශපාලන අධිකාරිය සිය පටු න්යාය පත්ර ඉටු කරගනු වස් සංවේදී නීති අවභාවිත කිරීම ඛේදවාචකයකි.
අධිකරණයට අපහාස කිරීම යටතේ රන්ජන් සිරගත වූ විට හරින් ප්රනාන්දු කළු සාටකයක් පැළද බොලද රංගනයක යෙදුනේය. එහිදී හරීන් ඇතුලු පාර්ලීමේන්තුව කළ යුතුව තිබුනේ කළු සාටක පැලදීම නොව අධිකරණයට අපහාස කිරීමේ නීතිය විධිමත් කිරීමට සංශෝධන ගෙන ඒමය. කළු සාටක ගැටළුවට විසදුම නොවන බව අජිත් ප්රසන්න වසර 4ක් හිරේ යාමෙන් පැහැදිලි වී ඇත.
නීතියේ පවතින හිඩැස් වසා දමමින් ලංකාවේ අපද ශිෂ්ඨාචාරගත සමාජයක් විය යුතුය. එම වගකීම රදා පවතිනුයේ නීති සම්පාදනය සදහා පාර්ලීමේන්තු ගිය මන්ත්‍රීන් තුලය. ලංකාවේ ඕනෑම මන්ත්‍රීවරයෙකුට අළුත් නීතියක් හෝ සංශෝධනයක් වෙනුවෙන් පෞද්ගලික මට්ටමින් පනත් කෙටුම්පතක් ඉදිරි පත් කළ හැක. නමුත් එම වගකීම කිසිවෙකු ඉටු කර නැති බව පෙනී යයි. තමන් වෙනස් යයි කියමින් අනෙක් පක්ෂ වලට බැන වදින ජවිපෙ මන්ත්‍රීන් වත් සිය මූලික යුතුකම ඉටුකර නැත.







