රටේ තත්වය – 01 අප්‍රේල් 2025

0
25

1. ඉන්දීය අගමැතිවරයා චීනයේ යුද බලයට මුහුණ දීම සඳහා ලංකාව සමග ගිවිසුමක් අත්සන් කිරීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. මෝදී සහ අනුර අත්සන් කරන ගිවිසුම කුමක්ද යන්න රටට හෙළිදරව් කළ යුතුව ඇතැයි ජන අරගල පක්ෂයේ වසන්ත මුදලිගේ සඳහන් කරයි. ( Peoples struggle alliance)

2. පානදුර නගර සභාවට පොදු ජන එක්සත් පෙරමුණෙන් තරඟ වදින අපේක්ෂිකාවක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 55ක් සමග අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර ප්‍රදේශයේ හෝටලයකදී මෙම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් තැනැත්තිය කුඩු සලිඳුගේ කණ්ඩායමේ අයෙක් බව පොලිසිය කියයි.

3. අප්‍රේල් පළමුවැනි දා සිට පාරිභෝගික භාණ්ඩ ගණනාවක් වැට් බද්දට යටත් කිරීමට නියමිතය. ඒ අනුව බිත්තර බද්දකට යටත්ය විවිධ කටයුතු සඳහා අදාළ මුද්දර ගාස්තුද වැඩි වීමට නියමිතය. උපයන විට බදු ද අලුත් මුහුණුවරකින් ක්‍රියාත්මක වීමට නියමිතය.

4. වසරේ පළමු කාර්තුව තුළ BYD මෝටර් රථ සඳහා ඇණවුම් 3000 කට වඩා ලැබී ඇති බව මෙරට දේශීය නියෝජිතයා සඳහන් කරයි. එම සියලු වාහන එළඹෙන මැයි – ජූනි පමණ විට බෙදාහැරීමට හැකිවනු ඇති බව දේශීය නියෝජිත John Keells ආයතනය සඳහන් කරයි.

5. වසර 47කට පසුව යාපනය හා ට්‍රිචී ගුවන් තොටුපල අතර ගුවන් ගමන් ඇරඹී ඇත. IndiGo ගුවන් සේවය විසින් තිරුචිරප්පල්ලි සහ යාපනය අතර දෛනික ගුවන් සේවාවක් ක්‍රියාත්මක කොට ඇත. එහි මුල්ම මගී ගුවන් යානය පසුගිය 30දා පලාලි වෙත ළඟා විය. ]

6. අල්ලස් සිදුවීමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය වියාලේන්ද්‍රන් යළි රක්ෂිත බන්ධනාගාර විය. මහජන දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පා.ම චාමර සම්පත් ද යලි රක්ෂිත බන්ධනාගාර ගත විය.

7. විහාර දේවාලගම් පණත සංශෝධනය කළ යුතු බව මිහින්තලේ ස්වාමීන් වහන්සේ පවසයි. එම පනතේ හිඩස් උපයෝගී කරර ගනිමින් දළදා මාලිගාවේ දියවඩන නිලමේ අවුරුදු විස්සක් බලය හොබවන බව උන්වහන්සේ කියයි. දියවඩන නිලමේ ව්‍යාපාරිකයෙක් යයි ද උන්වහන්සේ චෝදනා කරයි.

8. 2007දී රිලවුන් අල්ලා රන්දෙනිගල දූපතට දැමූ බවත්, වතුර අඩුවන කාලයේදී උන් ඔක්කෝම ගමට ගිය බවත් පාටලී චම්පික කීවේය. එකල්හි චම්පික පරිසර ඇමති විය. මේවා කලින් අත්හදා බලලා අසාර්ථක වූ වැඩ යයිද ඔහු කීවේය.

9. KDU රෝහල , ජයවර්ධනපුර රෝහල, මහවැලි අධිකාරිය අධිකාරිය, වී අලෙවි මණ්ඩලය, ජාතික චිත්‍රපටි සංස්ථාව අකාර්යක්ෂම සහ පාඩු ලබන ආයතන ලෙස නම් කොට ඇත. රාජ්‍ය ආයතන 160ක කාර්යභාරය සමාලෝචනය කර ඒවායේ ඉදිරි ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමට රජය විසින් පත්කළ කමිටුව මගින් මෙම වර්ගීකරණය සිදුකොට ඇත . ඉදිරියේදී මෙම ආයතන ඈවර කිරීම හෝ ප්‍රති ව්‍යුහගත කිරීමට නියමිතය

10. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙතින් සේවාවන් ලබාගැනීම සඳහා බදු ගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය කර ඇත. නව නීතිය 2025 අප්‍රේල් 15 වැනි දින සිට ක්‍රියාත්මකය.

11. පොදු ජන පෙරමුණේ සිට රනිල් සමග එකතුවූ පිරිසක් යලි මුල් පක්ෂයට ගොස් ඇත. ඒ අනුව අකිල එල්ලාවල , මහින්ද යාපා , ලක්ෂ්මන් යාපා, කරුණා කොඩිතුවක්කු යලි පොහොට්ටුව සමග එක් වී ඇත.

12. සුභාෂ්කරන් අල්ලිරාජාගේ ලයිකා සමාගම මෙරට මාධ්‍ය ආයතන 12ක් අත්පත් කර ගත් ආකාරය පිළිබඳව පුලුල් විමර්ශනයක් සිදු කරන බව නීතිපතිවරයා ශ්‍රේෂඨාධිකරණයට දැනුම් දෙයි. නීතිපතිවරයාගේ අනාවරණය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමෙන්තුව අල්ලස් හො දූෂණ විමර්ශණ කොමිසම සහ මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මෙම විමර්ශන සිදු කරනු ලබයි. මෙම මාධ්‍ය ආයත අත්පත් කර ගැනීම සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය රාජ්‍ය බුද්ධි සේවයට ලබා දී ඇති උපදෙස් අනුව මෙම විමර්ශණ සිදු කෙරෙන ඒ අනුව ලයිකා සමූහයට අනුබද්ධිත බෙන් හෝල්ඩින්ග්ස් (පුද්ගලික) සමාගම සහ බ්ලූ සමිට් කැපිටල් මැනේජ්මන්ට් පුද්ගලික සමාගම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ සහාය ඉල්ලා තිබේ.