1, පූජ්‍ය රාජාංගනයේ සද්ධාරතන හිමිට එරෙහි නඩුවක් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග කෙරිණි. මීට පෙර උන්වහන්සේ රාමඤ්ඤ නිකායෙන් ඉවත් කොට තිබුණි. එය කලේ ඕමල්පේ සෝභිත ඇතුළු භික්ෂූන් පිරිසකි.සද්ධාරතන හිමි යළි රක්ෂිත බන්ධනාගාර කරන ලෙස සෝභිත හිමිගේ පාර්ශ්වය ඉල්ලීමක් කළද අධිකරණය එය පිළිගත්තේ නැත. අදහස් ප්‍රකාශ කරන විට අසභ්‍ය වචන පාවිච්චි කිරීමෙන් වළකින්නයි අවවාද කළ අධිකරණය සද්ධාරතන හිමි මුදා හැරියේය.
2. වෙළදපොළ තුළ සහල් වර්ගවල හිගයක් දක්නට ලැබෙන බැවින්, නැවත වරක් සහල් ආනයනය කිරීමට රජය පියවර ගෙන ඇත . මේ සදහා වන නිර්දේශය රජයට ඉදිරිපත් කර තිබෙන්නේ ආහාර ප්‍රතිපත්ති සහ සුරක්ෂිතතා කමිටුව මගිනි.
3.බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාලිකාව සමග ආන්දෝලනාත්මක වැඩසටහනකට එක් වූ අසාද් මවුලානා අප්‍රේල් 21ට පෙර ලංකාවට පැමිණීමට නියමිත බව මාධ්‍ය ආයතන කිහිපයක් වාර්තා කොට ඇත.
4. එස්.එම්. රන්ජිත් සහ ඔහුගේ පෞද්ගලික ලේකම්වරියට බරපතල වැඩ සහිතව 16 වසරක සිරදඩුවම් නියම වේ. අධිකරණ තීන්දුවට පාදක වූ කරුණු සම්බන්ධයෙන් දිලිත් ජයවීර විවේචනයක් කොට ඇත.
5. පාතාල ක්‍රියාකාරකම් මර්දනයට අදාළ වගකීම ලැබුණහොත් තමන් වැඩේට බහින බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කරයි. සරත් පොන්සේකා මේ දිනවල මාලිමා රජයට පක්ෂපාති ස්ථාවරයක සිටියි.
6. මාර්තු 28 වනදා නීතිඥවරියක් විසින් පුත්තලම මහාධිකරණයට අපහාස කළා යයි සිදුවීමක් වාර්තා විය. එහිදී වින්දිත පාර්ශවය වෙනුවෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙනි සිටියේය. අධිකරණයට අපහාස කිරීමේ නීතිය නියාමනය කළ යුතුව ඇති බව නීතිඥ සංගමය ප්‍රකාශ කරයි.
7. වාහන ආනයනය සම්බන්ධ රාජ්‍ය අමාත්‍යංශ වල වැරදි කළමනාකරණය පිළිබඳ වාහන ආනයනකරුවන්ගේ සංගමය බරපතළ කණස්සල්ල පළකර තිබේ. වගකිව අමාත්‍යවරු ආනයනකරුවන්ට බලපාන ප්‍රධාන ගැටලු විසඳීමට අපොහොසත් වී ඇති බව ද එම සංගමය පවසයි.
8. අලිමංකඩ තමන් ආරම්භ කළ මේස ලුනු කර්මාන්තශාලාව විමල් වීරවංශ ආරම්භ කළේ යැයි අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් ඇතැයි අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි. දේශපාලන අනාථයකු බවට පත්ව සිටින විමල් වීරවංශ වෛරයෙන් ද්වේෂයෙන් අසත්‍ය ප්‍රකාශ කරන බව සුනිල් හඳුන්නෙත්ති චෝදනා කරයි.
9.සංවර්ධනය ගමට රැගෙන ඒම සඳහා ප්‍රාදේශීය සභා බලය ආණ්ඩුවට අවශ්‍ය බව නියෝජ්‍ය ආරක්ෂක ඇමති අරුණ ජයසේකර පවසයි.
10. මෙතෙක් අත්හිටුවා තිබූ පරාටේ නීතිය (අප්‍රියෙල් 1) සිට බලාත්මක වීමත් සමග ව්‍යවසායකයන්ගේ දේපළ බැංකු සතු කර ගැනීම යළි ආරම්භ වී ඇතැයි දිලිත් ජයවීර පවසයි. මෙනිසා නිසා 300,000 අධික ව්‍යවසායකයන් පාරට ඇද වැටෙන බව දිලිත් පවසයි.