‘එක් රටක් එක් නීතියක්’ පාඨය ගෝඨාභය නැමති මෝඩ පාලකයාගේ මැතිවරන ව්‍යාපාරයේ ප්‍රධාන මාතෘකාවක් විය.ගෝඨාභය බලයට පැමිණියේ පාස්කු ප්‍රහාරය මතිනි. ගෝඨාභය අයි.එස් බිල්ලෙක් පෙන්වා ඊට විසදුම තමා බවට කැම්පේන් කළේය. එපමනක් නොව සහෝදර මුස්ලිම් ජනයා සතුරෙකු ලෙස වර නැගුවේය. ‘එක් රටක් එක් නීතියක්’ යන සටන් පාඨයේ ඉලක්කය මුස්ලිම් ජනයා විය.
‘එක රටක් එක නීතියක්’ යන සටන් පාඨය හුදෙක් මුස්ලිම් විවාහ නිතිය ඉලක්ක කරගත් එකකි. රටේ ප්‍රගමනයට අදාල වන ගැඹුරු කතිකාවක් එහි නොවීය . සැබැවින්ම ගෝඨා කළේ සිංහල ජනයා පිනවීමේ කූට රංගනයකි . විශේෂ නීතියක් හරහා සිංහලයන්ට නැති වරප්‍රසාද මුස්ලිම් ජනයා භුක්තිවිඳින බව පෙන්වූයේය. සිංහලයා තුල මුස්ලිම් ජනයා කෙරේ වෛරයක් ඇති කළේය. තමා බලයට පැමිනිය හොත් සිංහල ජනයා රජවී මුස්ලිම් ජනයා දෙකේ කොලයට වැටෙන ආකාරයේ චිත්‍රය මැවූයේය. පැහැදිලිවම එය දේශපාලන ව්‍යාපෘතියකි.
මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමේ කමිටු වලට පත් කළේ මුස්ලිම් කඩ වර්ජන කරන ලෙසට කැම්පේන් කළ සිංහල අන්තවාදීන්ය.ජාතිවාදයෙන් රට ගිණි තැබූ ඥානසාර භික්ෂුව එම කමිටු තුල විය.සිංහල-මුස්ලිම් සංහිදියාව විනාශ කළ ඊනියා උගතුන් ඒ තුල විය . තවත් අතෙකින් මුස්ලිම් ජනයාගේ වෛරයට පාත්‍රවූ මුස්ලිම් ජාතිකයන් එම කමිටුවලට පත් කළේය. Ya ටී.වී අයිතිකරු හිල්මි අහමඩ් එවැන්නෙකි.(මොහු උතුරේ යුද්ධය පවතින විට LTTE සංවිධානයට පක්ෂව කැම්පෙන් කළ අයෙකි)
මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම, හලාල් විරෝධය, වඳ කොත්තු , වඳ සැත්කම් ඉන්දියාවේ BJP රජය විසින් දියත් කළ දේශපාලන ව්‍යාපෘතීන්ය.එම කාලකන්නි ව්‍යාපෘති ලංකාවට හඳුන්වා දුන්නේද ඉන්දියාව විසිනි.එම ව්‍යාපෘති බුද්ධි අංශ සෙවනේ සරුවට වැඩුනේය . එවැනි තත්වයක් තුල මුස්ලිම් විවාහ නීතිය අවිචාරශීලි ලෙස සංශෝදනය කිරීම බිහිසුණු ක්‍රියාවකි. එය සියළු ජනයාගේ පරිහානියට හේතුවන්නකි.
නීතියට අණ්ඩ දැමීම ඕනෑම සමාජයක සිදුවිය යුත්තකි. මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමේ අරමුණ නීති පද්දතිය ක්‍රමවත් කිරීම නම් ප්‍රමුකත්වයෙහිලා කළ යුතු සංශෝධන ඕනෑ තරම් ඇත. රටේ පවතින වාණිජ නීති බොහොමයක් ව්‍යාපාර පැවැත්මට අහිතකරය. Payment gateway, credit card වංචා සම්බන්ද නීති රීති ලංකාවේ ඇත්තේම නැත. නීති පද්දතියේ අඩුලුහුඩුකම් නිසා e commerce ක්ෂේත්‍රයේ අප තවම සිටින්නේ ගල් යුගයේය.
PTA සහ අධිකර්ණයට අපහාස කිරීම සම්බන්ධ නීති වෙනස් කරන ලෙස ජාත්‍යන්තරය රතු නිවේදන නිකුත් කොට ඇත.දූෂණයට සහ වංචාවට එරෙහිව නීති සම්පාදනය කරන ලෙස එජා සංවිධානය බල කොට ඇත .නමුත් ඒවා ගැන වගේ වගක් නැත
කොරෝනා මෘත ශරීර බලහත්කාරයෙන් ආදාහනය කිරීම නිසා ජාත්‍යන්තරය හමුවේ ලංකාවේ රජයට බල්ලා මාක් එක වැදුණි. එම තත්වය නිසා මුස්ලිම් රටවලින් අපට ලැබුණු ආර්ථික ප්‍රතිලාභ අහිමි විය. එය ආර්ථික අර්බුධය උග්‍ර වීමට බල පෑවේය. මුස්ලිම් රටවල සහාය අහිමිවීම රට බංකොලොත් වීමටද බල පෑවේය
එවැනි පසුබිමක සියළු ප්‍රමුඛතා පසෙකලා මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීමට යාම බිහිසුණු කුමන්ත්‍රණයක් මිස අන් යමක් නොවේ. එම ක්‍රියාදාමය නිසා ඉදිරියේදී UNHRC සභාවේ මුස්ලිම් රටවල සහාය ලංකාවට අහිමිවනු ඇත.ලොව පිලිගත් මුස්ලිම් ප්‍රාඥයන්ගේ සහාය ලංකාවට අහිමිවනු ඇත. මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම යනු සතුරන් විසින් එවූ ට්‍රෝජන් අශ්වයකි. නිති සංශෝධන සැත්කම සදහා මාරයා වෙදා ලෙසින් පැමින ඇත







