නැෂනල් ඇලට් තත්ත්ව වාර්තව 30 මාර්තු 2025

0
44

1. හෙට හිටපු පොලිසිය භාර ඇමති ටිරාන් අලස් CIDයට කැදවා ඇත. අදාල නඩුවේ ස්වභාවය අනුව පොලිසිය බාර ඇමතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම අනිවාර්යයෙන් සිදු විය යුතුය. කෙසේ වුවද ටිරාන් කැඳවීම සම්බන්ධයෙන් පොලිසිය කතා කරන්නේ දෙගිඩියාවෙනි. W- 15 වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමති තොරතුරු දන්නා බවට ඇතිවූ සැකය මත කට උත්තරයක් ගන්නා බව පොලිසිය ප්‍රකාශ කොට ඇත.

2. උදය ගම්මන්පිල සති අන්ත පුවත්පතකට සාකච්ඡාවක් දෙමින්, වත්මන් ජනාධිපති ලැජ්ජාසහගත විදිහට මගේ නඩුවට බලපෑම් කලා යයි ප්‍රකාශ කොට ඇත. අදාල නඩුව චම්පික රණවක තමන් සමග ඇති පෞද්ගලික තරහක් නිසා දාපු බොරු නඩුවක් බවද ප්‍රකාශ කොට ඇත. 1997 කූටලේඛනයක් හැදුවා කියලා නඩුව දැමුවේ 2016 දීය ( අවුරුදු 19කට පසු) මා විසින් හැදුවා යයි කියන ලද කූටලේඛනය අධිකරණයට ඉදිරිපත් කරලා නෑ. සාක්ෂියට අස්සන් කරපු අයගෙන් පොලිස් ප්‍රකාශයක්වත් අරන් නැහැ. ලෙසින් ගම්මන්පිල පුවත්පතට කියා තිබුණි.

3. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ඉහළම ප‍්‍රධානීන් දෙදෙනා බෞද්ධාගමිකයන් නොවන බවත් එවන් තත්ත්වයන් යටතේ මහා නායක හිමිවරු නිහඩව සිටීම යටලුකාරී බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

4. දේශබන්දු පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා NPP මන්ත්‍රීන් ගෙන ආ යෝජනාව අනීතික බව හිටපු අධිකරණ ඇමති විජයදාස කියයි. ජනාධිපතිවරයා විසින් දේශබන්දු පොලිස්පති ලෙස පත් කළා. ඒ සදහා ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ගත්තා. නමුත් පොලිස්පතිවරයාගේ පත්වීම එය අධිකරණ නියෝගයක් මගින් අත්හිටුවනු ලැබුවා. ඒ අනුව දැන් දේශබන්දු දැන් පොලිස්පති නොවේ . අධිකරණ නියෝගය එලෙසම පැවතෙද්දි NPP මන්ත්‍රීන් පොලිස්පති අයින් කිරීමට යෝජනාවක් කථානායකට භාර දුන්නා. එම යෝජනාව නීතියට පටහැනි බව හිටපු අධිකරණ ඇමැති කියයි.

6. 2030 වන විට ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් 70% ක් පුනර්ජනනීය බල ශක්තිය නිපදවීම මෙරට ජාතික සැලසුමකි. වත්මන් රජය එම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට ලබාදීමට සැලසුම් කොට ඇත. පසුගිය කාලය පුරා ලංකා විදුලි බල මණ්ඩලය මගින් නෙට් මීටරින් ක්‍රම වේදය යටතේ නිවෙස් හිමියෙක් වහල මතසවිකරන කිලෝ වොට් 40 දක්වා සූර්ය පැනල මගින් විදුලි බල මණ්ඩලයට අතිරේක විදුලි බලය විකිණීමට සාමාන්‍ය ජනතාවට ඉඩ දී තිබුණි. එවැනි සූර්ය පැනල නිවාස ලක්ෂයක් පමණ ඇත. 2024වර්ෂයේදී මෙවන් නිවාසවලින් ජාතික පද්ධතියට මෙගා වොට් 600ක් පමණ එකතු වෙයි. වත්මන් රජය එම ධාරිතාව සියයට පනහකින් කප්පාදු කිරීමට නියමිතය. එහි එක් පියවරක් ලෙස රජය රු 37 කට මිලදී ගත් ඒකකය රු 19 කට කිරීමට නියමිතය. මෙම තත්ත්වය නිසා ලක්ෂයකට ආසන්න පිරිසකට රැකියා අහිමි වීමට නියමිතය.

7. මහා පරිමාණ සූර්ය බලාගාරයක් සඳහා සියඹලාආණ්ඩුව ප්‍රදේශයේ භූමියක් සිංගප්පූරු සමාගමකට ලබාදීමට රජය සැලසුම් කරයි. ඊට අදාළ ලියවිලි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් වී ඇත.

8. අප්‍රේල් 5 ඉන්දීය අග්‍රාමාත්‍යවරය සමග සාම්පූර් හි මෙගා වොට් 50ක විදුලි බලාගාරයක් සඳහා ගිවිසුම් ගත වීමටද නියමිතය.

9. ශ්‍රී ලංකාව කලාපයේ අඩුම විදුලි ගාස්තුව සහිත රට බවට පත් කරන බව ජනපති අනුර කුමාර පළාත් පාලන මැතිවරණයේ ජනරැළියක් අමතමින් පවසයි.

10. @පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු ලියාපදිංචි කිරීමට රජය සැලසුම් කරයි. ඒ සඳහා “ගුරු සභාව” නමින් ආයතනයක් පිහිටුවීමට යෝජිතය. ඉදිරියේදී සභාවේ ලියාපදිංචි නොවූවන්ට ඉගැන්වීමේ කටයුතු කළ නොහැකි වනු ඇත.