තිලිනිගේ ඉන්සයිඩ් ස්ටෝරිය ලියූ නැෂනල් ඇලට් වෙත එන්තර වාසියක්

0
1616

තිලිණිගේ ඊනියා ආයෝජන සමාගමේ ඇතුලත කථාව මුලින්ම හෙළිදරව් කළේ නැෂනල් ඇලට් වෙබ් අඩවිය විසිනි. මේ වන විට එහි ප්‍රධාන කතෘට එරෙහිව එන්තරවාසියක් ලැබී ඇත . නඩු නිමිත්ත  රිට්ස් කාල්ටන්  සහ තිලිනිගේ ඊනියා ආයෝජන සමාගම අතර සම්බන්ධයක් ඇති බව පැවසීමය. කෙසේ වුවද අප පුවතේ මූලාශ්‍රය වූයේ තැන්පත් කරුවන් නැෂනල් ඇලට් වෙත කළ ප්‍රකාශයන්ය . එම  හඬ පට අප සතුව ඇත.  ඒ අනුව රෙදි ගැලවෙන්නේ කාගේද කියා ඉදිරියේදී බලා ගත හැක .  

ලංකාවේ ඉහල ආරක්ෂක  නිළධාරීන් සුපිරි වරප්‍රසාද භුක්ති විදින පිරිසකි.  ලක්ෂ ගණනනක් වැ‍ටුපක්, වාහන , කොළඹින් නිවසක්,  ඉන්ධන , සංග්‍රහ දීමනා ඇතුළු වරප්‍රසාද රාශියක් ඔවුන්ට හිමිය. ඒ සියළු වරප්‍රසාද භුක්ති විඳිමින් ඔවුන් සොරුන් සහ තක්කඩි සමග යහන්ගත වීම අවාසනාවකි.තිලිනිගේ සමාගමේ මුදල් තැන්පත් කළ අයට එම මුදල් යලි ලබා ගත හැකි ක්‍රමයක් නැත. තැන්පත් කරුවන් විවිධ අනීතික මාර්ග ඔස්සේ එම මුදල් යලි ලබා ගැනීමට උත්සාහ කොට ඇත. එම මෙහෙයුම් වලට ආරක්ෂක අංශයේ දූෂිත නිලධාරීන් සමබන්ධ වූ බවට සාක්ෂි ඇත. පිරිසක් එසේ බලපෑම් කරන විට තවත් දූෂිතයන් පිරිසක් තිලිනී ආරක්ෂා කළ බවට වාර්තා ඇත.

තිකො ඉන්වෙස්මන්ට් සමාගමට එරෙහිව CIDට පැමිණිලි කළේ කොළඹකොළඹ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වූ කමල් විසිනි අසාත් සාලි නොවේ.  තිකො ඉන්වෙස්ට්මන්ට් සහ රිට්ස් කාල්ටන් සම්බන්ධ කළේ අසාත් සාලි විසිනි. තවද  අසාත් සාලි   සහ තිලිනි අතර අනියම් සම්බන්ධයක් පැවති බවට  අප වෙත වාර්තා විය. ඊට අදාල ඩිජිටල් සාක්ෂියද අප වෙත  ලබා දී ඇත.තිලිනි සහ අසාත් සාලි එක්ව රිට්ස්  කාල්ටන් රෙසිඩන්ස් වල  නිවාස  ලබා ගැනීමට ගත් උත්සාහයක් ගැන අප වෙත සාක්ෂි ලැබී ඇත. 

ඉහත කරුණු පිලිබදව අප අසාත් සාලිගෙන් විමසා සිටියේය. තිලිනි සමග අනියම් සම්බන්ධයක් තියා සාමාන්‍ය සම්බන්ධයක්වත් නැති බව අසාත් සාලි අප සමග කීවේය. අසාත් සාලි සහ තිලිනි එක්ව   රිට්ස් කාල්ටන් වල නීවාස ලබා ගැනීමට දියත් කළ කුමන්ත්‍රණය  අසාත් සාලි ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වුවද අසාත් සාලි සහ තිලිනි අතර අනියම් සම්බන්ධයක් තිබූ බවට සහ ඔවුන් දෙදෙනා රිට්ස් කාල්ටන් වල නිවාස ලබා ගැනීමට උත්සාහ කළ බවට අප සතුව සාක්ෂි ඇත. රිට්ස් කාල්ටන් වල නිවාස ලබා ගැනීවේ කුමන්ත්‍රණයට තිළිනි සම්බන්ධවී ඇත . තිලිනි අවසන් කාලයේදී රෙද්ද උස්සා පමනක් නොව තව  එකෙකුගේ බෙල්ල කපා හෝ  ගැලවීමට  උත්සාහ කොට ඇත.

කෙසේ වුවද රිට්ස් කාල්ටන් වලින් නිවාස ලබා ගැනීමට  දියත් කළ කුමන්ත්‍රණය අසාර්ථක විය. මේ හේතුව නිසා අසාත් සාලි විසින් රිට්ස් කාල්ටන් නාමය තිලිනිගේ  ආයෝජන ජාවාරමට සම්බන්ධ බවට ජනගත කිරීමට නැෂනල් ඇලට් වෙබ් අඩවිය භාවිතා කළේයමේ සියළු කරුනු සනාථ කිරීමට අප සතුව සාක්ෂි ඇත. නැෂනල් ඇලට් යක්කුන්ට බයනම් සොහොනේ ගෙවල් හදන්නේ නැත. කරුණු එසේ හෙයින් උසාවියේදී ගණුදෙනු බේරා ගැනීමට නැෂනල් ඇලට් අප වඩා කැමතිය .