ගෝඨා යලි දේශපාලනයට එන බවට ඩේලි මිරර් පල කල පුවත දිලිත්ගේ අතේ රෝලක් !

0
87

දිලිත් ජයවීර 2024 ජනාධිපතිවරණයට සූදානම් වන බව ප්‍රසිද්ධ රහසකි. කෙසේ වුවද මීලග ජනාධිපතිවරණයට ඔහු කෙලින්ම ඉදිරිපත් වනවාද එසේ නොමැතිනම් ඔහුගේ ප්‍රොක්සියක් ඉදිරිපත් කරනවාද යන්න තවම තීන්දු කොට නැත.

කෙසේ වුවද දිලිත් මේ වන විට සිය දේශපාලනය පෙරමුණු 3ක් ඔස්සේ උපායශීලි ලෙස මෙහෙයවමින් සිටියි

1.බිම් මට්ටමේ දේශපාලන කැම්පේන් ආරම්භ කිරීම
”අරමුණ” වැනි දේශපාලන වැඩ සටහන් කිහිපයක් දියත් කොට ඇත.

2. කැලනි නයා වැනි ව්‍යාජ දේශපාලන කැම්පේන් දියත් කිරීම
ගෝඨාභය නැවතත් දේශපාලනයට පිවිසීම සඳහා සූදානම් බවට පසුගිය සතියේ ඩේලි මිරර් පල කල පුවත දිලිත්ගේ අතේ රෝලක් බව බව හෙලිවී ඇත . දිලිත් ජයවීර විසින් මෑතක දී පිහි‍ටුවූ මවුබිම ජනතා පෙරමුණට ගෝඨාභය සහාය පළ කළ බවද ඩේලි මිරර් වාර්තා කොට තිබුණි

3. පාර්ලීමේන්තු මන්ත්‍රීවරුන් සහ ජේෂ්ඨ දේශපාලකයන් පිරිසක් තමන් වටා එකතු කරගැනීම
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න දේශපාලන පිල් මාරුව පි‍ටුපස සිටින්නේ දිලිත් ජයවීරය. උද්දික දේශපාලනට පිපිවිසියේ විමල් වීරවංශ ලබාදුන් දේශපාලන අනුග්‍රහය නිසාය. විමල් මෑතක දී පිහිටවූ උත්තර සභාවට සහ ඩලස්ගෙ පක්ෂයට දිලිත් ජයවීරගේ අනුග්‍රහය නොඅඩුව ලැබුණි .ඒ අනුව උද්දිකගේ දේශපාලන පිල් මාරුව හුදකලා සිදුවීමක් නොව නුදුරු අනාගතයේ දී දිලිත් විසින් මෙහෙයවන දේශපාලන කුමන්ත්‍රණයක පෙරනිමිත්තකි .