මාලදිවයින් රජය විසින් මෙරට තානාපති ලෙස කළ පත්කිරීම ගැටුමක ආරම්භයකි. එය එක් අතෙකින් සංහින්දියාවට බාදාවකි තවත් අතෙකින් බෞද්ධාගමට කළකෙනෙහිලි කමකි. මක් නිසාදයත් මාලදිවයින තුල බෞද්ධ විරෝධී මතවාදයට නායකත්වය දෙන පුද්ගලයා මොහුය.
අතීතයේ මාලදිවයින බෞද්ධ රටකි . එම ශිෂ්ඨාචාරයේ, නටඹුන්, මෑතක් වනතුරුම සුරැකිව තිබුණි. කාලයකට ඉහත, මාලදිවයින් පොලොවේ වලක් කැපුවද බෞද්ධ නටඹුන් මතුවන තත්වයක් පැවතුණි. නමුත් මේ වන විට එම නටඹුන් ඉතා සංවිධානත්මක ලෙස ඉවත් කොට ඇත.
නෂිඩ් ජනපතිව සිටියදී 2008 නොවැ මස 2 දින ලංකාවේ සන්ඩේ ටයිම්ස් පුවත් පත සමග සංවාදයක යෙදෙමින් මාලදිවයින පුරා පැතිරයමින් තිබූ බෞද්ධ විරෝධී ව්‍යාපාරය ගැන හෙළි කළේය. නෂිඩ් මාලදිවයිනේ බෞද්ධ උරුමය සංරක්ෂණය කරන විට, ඊට එරෙහිවූ ප්‍රධානම පුද්ගලයා අලි ෆායීස්ය.
2012 පෙබරවාරි 7 දින කුමන්ත්‍රණයකින් ජනපති නෂිඩ් බලයෙන් පහ කෙරුණි. නෂිඩ්ට බලය අහිමි වීමත් සමග බෞද්ධ විරෝධී රැල්ල ගින්නක් සේ පැතිර ගියේය. එම රැල්ල මෙහෙයවූයේ අලි ෆායිස්ය. මොවුන් සංරක්ෂණය කළ බෞද්ධ සිද්ධස්ථාන පමනක් නොව මාලේ ජාතික කෞතුකාගාරයේ තිබූ බෞද්ධ පුරාවස්තු පවා විනාශ කළහ.
බෞද්ධ විරෝධී කැරැල්ලට නායකත්වය දිමට අමතරව ෆායිස් ලංකාවට විරුද්ධ කුමන්ත්‍රණද මෙහෙය වූවෙකි. ඒවායින් සමහරක් පහත පරිදිය.
1. මාලදිවයින තුල සිටින ශ්‍රී ලාංකිකයන් පීඩාවට පත් වන අන්දමේ අණ පනත් සම්මත කිරීම
2. මේ වනවිට මාලදිවයින් ජනපති සිය කළු මුදල් අනීතික ලෙස ලංකාවේ ආයෝජනය කොට ඇත. මාලදිවයින් ජනපති තිලිණි ප්‍රියමාලි ලගද ආයෝජනය කල අයෙකි. ඒ අනුව ඉදිරියේදී මාලදිවයින් ජනපති ඊබ්‍රහිම් සෝලිගේ මෙරට ආයෝජන ගැන විපරම් කිරීම ෆායිස්ට බාර වනු ඇත.
3. ෆායිස් මාලදිවයින තුල විවිධ අපචාරවලට දායක වූ අයෙක් වීම
4. රනිල්ගේ ලිංගික ජීවිතය පිළිබදව, ෆයිස් විසින් අවඥාසහගතව කතා කරන හඬ පටයක් මේ වනවිට සමාජ ජාලතුල සංවරණය වීම (එය අපටද ලැබී ඇත)







