පසුගිය දෙසැම්බර් 25 වැනිදා අකුරණ නගරය ගංවතුරින් යට විය. පිඟා ඔය ගැලීම ඊට හේතු විය. ගංවතුරෙන් කෝටි 300 කට වැඩි අලාභයක් සිදුව ඇත. ප්‍රදේශයට මි.ලී 40 ක පමන වර්ෂාවක් ලැබුන හොත් අකුරණ නගරය ජලයෙන් යට වෙයි. පිඟා ඔය පිටාර ගැලීමෙන් සිදුවන හානිය අකුරණ වැසියන්ට සීමා වන්නේ නැත. එම විනාශයේ පරාසය මෙම ලිපියේ අවසාන කොටසින් සාකච්ඡා කොට ඇත
ගංවතුර උවදුර පිළිබදව අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉස්තිහාර් ඉමාමුදීන් සහ අකුරණ මහ පල්ලියේ පූජක කියන්නේ අමුතු කථාවකි. ඔවුන් ප්‍රකාශ කරන අන්දමට ගංවතුරට හේතු පහත පරිදිය.
1. පොල්ගොල්ල ජලාශයේ වාන්දොර වැසීම.
2. පිඟා ඔයේ රොන් මඩ තැන්පත් වීම
3. පිඟා ඔය හරහා අවිධිමත් ලෙස පාලම් ඉඳි කිරීම
4. නගරයේ අනවසර ඉඳිකිරීම.(අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති කියන අන්දමට එවැනි ගොඩනැගිලි 8 ක් ඇත)
ගංවතුර තත්වයට හේතුව පොල්ගොල්ල ජලාශය නම් , එම වේල්ල අසලම ඇති කටුගස්තොට සහ අඹතැන්න ප්‍රදේශද ජලයෙන් යට විය යුතුය. නමුත් එවැන්නක් සිදුවන්නේ නැත . පහත සිතියම බලන්න
තවද අඹනැන්නේදී පිඟා ඔයේ ජල ප්‍රවාහය ඩබල් වෙයි. ( එහිදී පූජාපිටිය දෙසින් එන තවත් ඇල මාර්ගයක් එකෙතු වෙයි. ) පොල්ගොල්ල ජලාශය 1976 වසරේ ඉඳිකරන ලද්දකි. එනම් ඊට වසර 50 ක් ඉතිහාසයක් ඇත.අකුරණ ගංවතුරට එවැනි ඉතිහාසයක් නැත. එනම් අකුරණ ගංවතුර සහ පොල්ගොල්ල ජලාශය අතර කිසිදු සම්බන්ධයක් නැත.
පිඟා ඔයේ රොන් මඩ තැන්පත් වීම ඟංවතුරට හේතුව යයි කරන ප්‍රකාශයද අසත්‍යකි. ඟංවතුර හේතුව රොන් මඩ නම් , පිඟා ඔය දෙපස අනෙකුත් ප්‍රදේශයද ජලයෙන් යටවිය යුතුය. නමුත් එවැන්නක් සිදු නොවේ .
අවිධිමත් පාලම් ඟංවතුර ඇතිවීමට හේතුවකි. අකුරණ ප්‍රදේශය තුල අවිධිමත් පාලම් 20 කට ආසන්න ප්‍රමාණයක් ඉඳි කොට ඇත. එම අවිධිමත් ඉඳිකිරීම් වලට වගකිව යුත්තේ අකුරණ ප්‍රාදේශීය සභාවය.
අකුරණ ගංවතුරට මූලික හේතුව පිඟා ඔය දෙපස ඇති අනවසර ගොඩනැගිලිය .අකුරණ ඇති අනවසර ගොඩනැගිලි ප්‍රමාණය 8 යයි එහි සභාපති කීවද එය මුසාවකි . අකුරණ නගරය තුල අනවසර ගොඩනැගිලි 500කට වඩා ඇත.
අතීතයේ පිගා ඔය අඩි 40 කට වඩා පලල්ය . අද එය ඇතැම් ස්ථානවලදී අඩි 10 කට සීමා වී ඇත .
අනවසර ඉඳිකීරීම් සිදුවන්නේ අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉස්තිහාර් ඉමාමුදීන් සහ පල්ලියේ, අස්මි ෆාරුක්ගේ අනුග්‍රහයෙනි. අකුරණ නගරයේ අනවසර ගොඩනැගිලි සියල්ලම් පාහේ ඉඳිකොට ඇත්තේ එක් කොන්ත්‍රාත් ආයතනයක් විසිනි. එම කොන්ත්‍රාත් ආයතනයේ හිමිකරු අකුරණ ප්‍රාදේශීය සභාවේ සභාපතිය.
අකුරණ නගරයේ ඉඩම් වල නීත්‍යානුකූල භාවය ගැන බරපතල ගැටලු ඇත . නියම හිමිකරුවන් එලවා දමා බලහත්කාරයෙන් අල්ලාගෙන සිටින දේපල අකුරණ තුල සුලභ දසුනකි. ඟං ඉවුර ගොඩකර හැදූ හොර ඔප්පු සුලභය.
සැබැවින්ම අකුරණ යනු එක්තරා ආකාරයක කුඩා මාෆියා රාජ්‍යකි.එහි ඇත්තේ ඇත්තේ මාෆියා පාලනයකි .අකුරණ ප්‍රදේශීය සභාවේ සභාපති , මහ පල්ලියේ භාරකරුවන් , වෙළද සංගමය එම මාෆියා පාලනයේ කොටස්කරුවන් වෙයි.
අකුරණ මාෆියා පාලනය නිසා යුක්තිගරුක පුරවැසියන්ට සිදුවන හානිය
1. අකුරණ ජලයෙන් යටවන විට A9 මාර්ගයේ ගමනාගමය මුළුමනින්ම ඇනහිටියි. අලවතුගොඩ – මාතලේ අතර වෙසෙන අයවලුන්ට මහනුවරට ලගා වීමට දීර්ඝ ගමනක් යා යුතු වෙයි .මෙම තත්වය පාසැල් සිසුන්ට සහ කාර්යාල සේවකයන්ට මහත් හිසරදයකි.
2. අපද්‍රව්‍ය, ලිහිසි තෙල් , දැවිතෙල්, වැසිකිළි විශාල ප්‍රමාණයක් පිඟාඔයට හරවා ඇත.මෙවැනි නීති විරෝධී ක්‍රියාවලටද අකුරණ මාෆියා පාලනය අනුග්‍රහය දක්වයි
3. පොල්ගොල්ල ජලාශය ධාරිතාවය ඝන මීටර් 4,100,000කි. මෙහි විදුලි බලාගාරය පිහිටා ඇත්තේ උකුවෙලය. කිලෝ මීටර් 6 ක උමගක් දිගේ පොල්ගොල්ලේ සිට උකුවෙලට ජලය ගෙන යනු ලබයි. මින් නිපදවන් විදුලිය මෙගාවොට් 40 කි.
4. පොල්ගොල්ල ජලාශය ඉදිකළේ උතුරුමැද පලාතේ ජල හිගයට පිළියමක් ලෙසිනි. ඒ නිසා මේ අමුණ නම් කෙරුනෙ රජරට රන් දොරටුව ලෙසිනි..මෙහි ජලය උතුරට ගලායන්නේ පහත පරිදිය . මහවැලි ගඟ > පොල්ගොල්ල > උමග > උකුවෙල > සුදුගඟ > බෝවතැන්න >
5. පිඟා ඔය ඓතිහාසික උරුමයකි . පිඟා ඔය සහ මහවැලි ඟහ හමුවන කටුගස්තොටෙන් රුහුණු, පිහිටි, මායා ප්‍රදේශ වෙන් විය. මහවැලි ගගේ දකුණු ඉවුරෙන් රුහුණු රටත්, වම් ඉවුරෙන් ‘පිහිටි රටත් ‘. පිඟා ඔයෙන් මයා රටත් වෙන් විය.කටුගස්තොට නගරයේ පිහිටි ත්‍රීසිංහලාරාම පන්සල කියා සිටින්නේ මෙම කථාවය.
මේ වනවිට අකුරණ ප්‍රාදේශීය සභාපති, පල්ලිය සහ වෙළද සංගමය ඟංවතුර පිළිබද ඇත්ත කථාව ලෝකයට වසන් කරමින් සිටියි. නමුත් අකුරණ මොහොමඩ් නුවසුඩීන් ඇතුලු දේශප්‍රේමී තරුණ පිරිසක් ඟංවතුරේ ඇත්ත කථාව සමාජ මාධ්‍ය හරහා සක්ෂි සහිතව හෙළිදරව් කළේය. අකුරණ මාෆියා පාලනය කොතරම් බලවත්දයත් එම හෙළිදරව්වෙන් පසු නුවසුඩීන්ට මරණ තර්ජන එල්ල විය.
කරුණු එසේ හෙයින් අකුරණ මාෆියා පාලනයට අවශ්‍ය පරිදි පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු ඇරිය නොහැක. ඓතිහාසික පිඟා ඔය විනාශ කළ නොහැක. පොලගොල්ල ජලාශය සහ සහ පිඟා ඔය අකුරණ මාෆියා රාජ්‍ය විසින් පාලනය කිරීමට යාම ජාතිවාදී ගැටුමකින් කෙලවර විය හැක.









