නැෂනල් ඇලට් තත්ත්ව වාර්තාව – 29 මාර්තු 2025

0
49
  1. ආණ්ඩුවේ වී මිළදී ගැනීමේ මෙහෙයුම අසාර්ථකය. අදාල දත්ත පහත පරිදිය. ( අගයන් මෙට්‍රික් ටොන් වලින්) මෙවර අස්වැන්න( ආසන්න) මෙ.ටො.ලක්ශ 23 යි. ආණ්ඩුව මිළදී ගැනීමට සැලසුම් කල ප්‍රමානය මෙ.ටො. ලක්ශ 3 සත්‍ය වශයෙන්ම මිළදී ගත් ප්‍රමානය, මෙ.ටො. 70 කිප් ල්. ආණ්ඩුවේ ඉලක්කය සාක්ශාත් කර ගැනීමේ ප්‍රතිශතය 70/300000*100 =0.0233% යි. පෞද්ගලික වෙළඳුන් කමතටම පැමින 130/= 140/= වී මිලදී ගනිති . එවන් තත්ත්වයක් තුළ ලොරි වලින් ගෙන ගොස් 120/= ආණ්ඩුවේ මධ්‍යස්ථානවලට දීමට ගොවීන් සූදානම් නැත.
  2. සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් අදානි ඉවත් වීමට හේතු 2ක් බලපා ඇති බව මාධ්‍ය වාර්තා කරයි. එම හේතු 2 නම් 1. රනිල් සමඟ අත්සන් කළ මුල් ගිවිසුම වෙනස් කිරීම 2. ඉඩම් නිදහස් කිරීම කුමන්ත්‍රණකාරී ලෙස අඩාල කිරීම. දෙමළ ජාතික සංධානය කුමන්ත්‍රණකාරී ලෙස මුස්ලිම් ජනතාව සතු ඉඩම් වලට අයුතු ලෙස හිමිකම් කියමින් මෙම ගැ‍ටුම නිර්මානය කොට ඇත
  3. ශ්‍රී ලංකා පොලිසිය මගින් ශබ්ද විකාශන යන්ත්‍ර සඳහා ලබාදෙන බලපත්‍ර ගාස්තුව 700%,කින් සහ පොලිස් නිලධාරීන් ලබාදීමේ ගාස්තුව 400% කින් වැඩි කොට ඇත. එය ප්‍රසංග කලාවට විශාල අභියෝගයකි
  4. අවුරුදු සමය ළංවෙත්ම දිවයිනේ ප්‍රමුඛ නිමි ඇඳුම් ප්‍රදර්ශනාගාර ඉදිරියේ දිගු පෝලිම් වාර්තා වෙයි.
  5. එජාප මැද කොළඹ සංවිධායක, කොළඹ නගරාධිපති අපේක්ෂක කිත්සිරි රාජපක්ෂ (මරදානේ චොප්පේගේ පුතා) අත්අඩංගුවට පත්වෙයි. දෙමටගොඩ කෙන්ට් පාරේ පිහිටි ඉඩමක් සම්බන්ධ ආරවුලක් ඇති කරගෙන, එම ඉඩමේ හිමිකරුට සහ දියණියට බැන මරණ තර්ජන කිරීම හේතුවෙන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
  6. කරන්නාගොඩට එරෙහි නඩුවේ විනිසුරු දෙදෙනෙක් ඉවත් වෙති, මෙලෙස ඉවත්ව ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දිලීප් නවාස් සහ ප්‍රියන්ත ප්‍රදීප්ය.
  7. ‘ කාසල් රෝහලේ ශුක්‍රාණු බැංකුව හැදුවේ සමරිසි අයට දරුවෝ හැදීමට සහ මෙය සමලිංගික රාජ්‍යයක් බිහි කරන කුමන්ත්‍රණයක් බව ජිනානන්ද හිමි පවසයි. අගමැති හරිනී කරන එම උත්සාහයට ඉඩ නොදෙන බවද උන්වහන්සේ කියයි.
  8. මන්ත්‍රීවරුන්ට ගෙවූ වන්දි මුදල් පාර්ලිමේන්තුවේ හෙළි කරා මෙන් අමරකීර්ති මන්ත්‍රීවරයාගේ ඝාතනය සහ මැයි 9 ගිනි තැබීම් ගැන පාර්ලිමේන්තුවේ හෙළි කරන මෙන් හිටපු මන්ත්‍රී මදුර විතානගේ අභියෝග කරයි.
  9. පොලිස්පති ධූරයට ප්‍රියන්ත වීරසූරියට දීමට තීරණය කොට ඇතිබව ආණ්ඩුවට හිතැති මාධ්‍ය වාර්තා කරයි.
  10. මුල්ලිකුලම් 100 MW ක සුළං බලාගාර සඳහා ලංවිම ආයෝජන යෝජනා කැඳවයි.
  11. ජනාධිපතිවරයාගේ ආර්ථික කටයුතු උපදේශක දුමින්ද හුලංගමුව ඉවත් කරන ලෙස ඉල්ලීමක් කරයි. එම ඉල්ලීම කර ඇත්තේ එක්සත් කම්කරු සම්මේලනය ඇතුළු සිවිල් සංවිධාන කිහිපයකි.
  12. wild cook book යූ ටියුබ් නාලිකාවේ හිමිකරු චරිත් නිපුන් සිල්වා subscribers මිලියන දහයපසු කරයි. එම කඩඉම පසු කළ ප්‍රථම දේශීය නාලිකාව මෙය වෙයි. ඒ අනුව ඔහුට Diamond play button එක හිමිව ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් පිරිසක් ආදායම් බදු සම්බන්ධයෙන් විරෝධය පළ කොට ඇති බව මධ්‍ය වාර්තා කරයි.
  13. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ එම ප්‍රතික්‍රියාවට එරෙහිව විශාල විරෝධයක් එල්ල වී ඇත. නිරන්තරයෙන් රට දිනවන ඉන්දීය ක්‍රීඩකයන් කෝටි ගණනින් බදු ගෙවයි නම් පරාජිත ලැයිස්තුවේ සිටින ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් බදු නොගවන්නේ මන්දයයි ප්‍රශ්න කරති. විරාත් කෝලි 2024 වසරේදී පමණක් ඉන්දියානු මුදලින් කෝටි 66ක බදු මුදලක් ගෙවා ඇති බව වාර්තාවේ.