තලේමන්නාරම් පොලීසිය නීතිය නවයිද?

0
77

වාණිජ කටයුතු සඳහා ටයිටේනියම් භාවිතය ආරම්භ වූයේ 1946 වර්ෂයේදීය.  මුල් කාලයේදී  ටයිටේනියම් නිස්සාරණ තාක්ෂණය ඇමෙරිකාව, රුසියාව ජපානය වැනි රටවල කිහිපයකට සීමා විය.

මුල් කාලයේදී ටයිටේනියම් නිස්සාරණ  තාක්ෂණය ඉන්දියාව සතු නොවීය. එකල්හි ඉන්දියාවේ ටයිටේනියම් නිස්සාරණය කලේ ජපන් සමාගම්ය.  ඉන්දියානුවන් එම තාක්ෂණය ජපනුන්ගෙන් සොරකම් කළේය. තාක්ෂණය සොරාගත් පසු  ජපන් සමාගම් ටික ඉන්දියාවෙන් පන්නා දැමුවේය.

එහෙව් ඉන්දියානුවන් අද ලංකාවේ ටයිටේනියම් කැනීම සදහා පැමිණ ඇත.එම කැනීම් සිදුවන්නේ  මන්නාරම ප්‍රදේශයේය. ඉන්දියානුවන් මේ වනවිට මන්නාරම් වැසියන් සමග ගැ‍ටුමක් ඇතිකරගෙන ඇත.

ඉන්දියානු ආයෝජකයන් තුල  පොදු ලක්ෂණයක් ඇත.එනම් විශ්‍රාම ගිය පොලීසියේ සහ හමුදාවේ ඉහල නිළධාරීන් සේවයට බඳවා ගැනීමය. ඔවුන් එසේ කරන්නේ සමාගමට අවශය පරිදි  නීතිය නැවීමටය.

මන්නාරම ප්‍රදේශයේ ටයිටේනියම් හාරන මාස් මෙටල් ඇන් මිනරල් සමාගමද විශ්‍රාම ගිය හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු සේවයට බඳවා ගෙන ඇත. රියර් අද්මිරාල් සේරසිංහ එවන් අයෙකි.

ඉන්දීය සමාගම සහ ප්‍රදේශවාසීන් සමග ඇති කරගෙන තිබෙන ගැ‍ටුම පිලිබදව මහේස්ත්‍රාත් පරික්ෂණයක් සිදුවෙයි. මේ වන විට තලේමන්නාරම පොලීසියමුල් පදිංචිකරුන්වන් කිහිපදෙනෙකුට එරෙහිව  66 යටතේ නඩුවක් ගොනුකර ඇත .
එළඹෙන 26 දින පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිතය. ජනයාගේ පරමාධිපත්‍ය ක්‍රියාත්මක කරන ජනමාධ්‍ය ඒ දෙස බලා සිටී