චමුදිත වෙසෙන නිවාස සංකීර්ණයේ ගැ‍ටුම පිලිබද විම්ර්ෂණය වහාම ක්‍රියාත්මක වන පරිදි සී.සී.ඩි යට පවරයි

0
264

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වාසය කරන පිලියන්දල  නිවාස සංකීර්ණයට (20)  නාඳුනන යතුරුපැදිකරුවෙක් ඇතුල් වීම් පිලිබද විම්ර්ෂණ වහාම ක්‍රියාත්මක වන පරිදි  කොළඹ අපරාධ කොට්ඨාෂයට පවරා ඇත.

එම තීන්දුව  ගෙන ඇත්තේ මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් විසිනි.

පිලියන්දල පොලීසිය  පවත්වන විමර්ෂණය පිලිබදව බලවත් සැක පහල වී ඇතිබව අප මීට පෙර හෙළිදරව් කලේය

අනවසර ඇතුල්වීම වාර්තා වූයේ සෝල් බීච් හෝටලය පිලිබද ආන්දෝලනාත්මක වැඩසටහනක්  විකාෂණය කොට  දින 2ක් ඇතුලතය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ලැබෙන යිපැමිණිල්ලක තීන්දුව දීමට සැලකිව යුතු කාලයක් ගත වෙයි . බොහෝ විට ඒ සඳහා වසරකට ආසන්න කාලයයක් ගත වෙයි . නමුත් සොල්බීච් සිදුවීමට අදාල තීන්දුව මාස 5 ක් ඇතුලත ප්‍රකාශයට පත් විය.  මානව හිමිකම් ආයතන කුඩු  සල්ලි වලට යටවුනාද යන්න  චමුදිත ප්‍රශ්න කළේය.

සෝල් බීච් හෝටලය කඩා ඉවත් කිරීම පි‍ටුපස  ශවේන්ද්‍ර සිල්වා සිටින බවට  රිෆා කාදර් බලවත් චෝදනාවක් එල්ල කළේය.

ශවේන්ද්‍ර සිල්වාට චෝදනා කොට දිනකට පසු  පාර්ලීමේන්තු පාරේ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේ හිමිකරු ඝාතන කුමන්ත්‍රණයක් දියත් විය.මොහු ශවේන්ද්‍රගේ  කිට්‍ටු  මිතුරෙකි.ඝාතණ කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ ශිරාන් බාසික්ය.  කොන්ත්‍රාත්තුව ලබා දී තිබුනේ ගනේමුල්ලේ සංජීවගේ  ගෝලයෙකුටය.

ඒ වන විට ගනේමුල්ලේ සංජීව සිටියේ පොලිස් අත්අඩංගුවේය . ගනේමුල්ලේ සංජීව අත්අඩංගුවට පත්වූයේද  චමුදිතගේ වැඩසටහනක ප්‍රතිඵලයක් ලෙසිනි.

පසුගියදා එනම් ජූනි 20  SL දේශය සමග වැඩසටහනකට එක්වූ  රිෆා කාදර්  සැක මුසු  කථාවක් කීවේය . චමුදිතගේ වැඩසටහන දු‍ටු  සැනින් ඔහු ලංකාවට පැමිණි බව කීවේය.

චමුදිතගේ නිවාස සංකීර්ණයට සැකකටයුතු පුද්ගලයෙකු ඇතුල් වීමට උත්සාහ කරන්නේ  SL දේශය   වැඩසටහන විකාෂණය  වීමෙන් පසුය .

ශිරාන් බාසික්ගේ පුත්‍රයාගේ ඊනියා පුන්‍ය සමාගමේ ව්‍යාපෘති වැඩිම ප්‍රමාණයක් දියත්කර තිබෙන්නේ බොරලැස්ගමුව සහ පිළියන්දල  ප්‍රදේශයේය.

පිලියන්දල පොලීසිය  පවත්වන විමර්ෂණය පිලිබදව බලවත් සැක පහල වී ඇත. නැෂනල් ඇලට් එසේ කියන්නේ සාක්ෂි සහිතවය.

චමුදිත හිරු නාලිකාවේ වැඩසටහන් වලට සහභාගිවීමට නිවසින් පිටත් වන්නේ පාන්දර 3ත් 4ත් අතර කාලයේදීය.

පිලියන්දල පොලීසිය මේ වන විට කට උත්තර කිහිපයක් ලබා ගැන ඇත.  National Alert  පිලියන්දල ස්ථානාධිපති වරයාගෙන් කළ විමසීමකදී ඔහු කීවේ චමුදිත ඉලක්ක කොට සැකකටයුතු පුද්ගලයා පැමිණි බවට සාක්ෂි නොමැති බවය.

එසේ නම් අඩුම තරමින් නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු ගැ‍ටුමක් ඇති කරගත්තේ ඇයිද යන්න, එම  පුද්ගලයන් කවුද යන්න වත්  පොලීසිය පැහැදිලි කළ යුතුය