චමුදිතගේ නිවාස සංකීරණයට ඇතුල් වූ නාඳුනන පුද්ගලයා පිලිබද පරීක්ෂණ යට යයිද ?

0
89

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම වාසය කරන පිලියන්දල  නිවාස සංකීර්ණයට (20) රාත්‍රියේ ඇතුළුවීමට හැදූ නාඳුනන යතුරුපැදිකරුවෙක් සහ පසු පැදිකරුවෙක් සම්බන්ධව පැමිණිල්ල විභාග කරන්නේ පිලියන්දල පොලීසිය විසිනි.

කෙසේ වුවද මේ වන විට පිලියන්දල පොලීසිය  පවත්වන විමර්ෂණය පිලිබදව බලවත් සැක පහල වී ඇත. නැෂනල් ඇලට් එසේ කියන්නේ සාක්ෂි සහිතවය.

ඉහත සැක කටයුතු සිදුවීම වාර්තා වන්නේ සෝල් බීච් හෝටලය පිලිබද ආන්දෝලනාත්මක වැඩසටහනක්  විකාෂණය කොට  දින 2ක් ඇතුලතය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට ලැබෙන පැමිණිල්ලක තීන්දුව දීමට සැලකිව යුතු කාලයක් ගත වෙයි . බොහෝ විට ඒ සඳහා වසරකට ආසන්න කාලයයක් ගත වෙයි . නමුත් සොල්බීච් සිදුවීමට අදාල තීන්දුව මාස 5 ක් ඇතුලත ප්‍රකාශයට පත් විය. කරුණු එසේ හෙයින් මානව හිමිකම් ආයතන කුඩු  සල්ලි වලට යටවුනාද යන්න  චමුදිත ප්‍රශ්න කළේය.

සෝල් බීච් හෝටලය කඩා ඉවත් කිරීම පි‍ටුපස  ශවේන්ද්‍ර සිල්වා සිටින බවට  රිෆා කාදර් බලවත් චෝදනාවක් එල්ල කළේය.

ශවේන්ද්‍ර සිල්වාට චෝදනා කොට දිනකට පසු  පාර්ලීමේන්තු පාරේ ග්‍රෑන්ඩ් මොනාච් හෝටලයේ හිමිකරු ඝාතන කුමන්ත්‍රණයක් දියත් විය.  මොහු ශවේන්ද්‍රගේ  කිට්‍ටු  මිතුරෙකි.ඝාතණ කොන්ත්‍රාත්තුව ලබා දුන්නේ ශිරාන් බාසික්ය.  කොන්ත්‍රාත්තුව ලබා දී තිබුනේ ගනේමුල්ලේ සංජීවගේ  ගෝලයෙකුටය.

ඒ වන විට ගනේමුල්ලේ සංජීව සිටියේ පොලිස් අත්අඩංගුවේය . ගනේමුල්ලේ සංජීව අත්අඩංගුවට පත්වූයේද  චමුදිතගේ වැඩසටහනක ප්‍රතිඵලයක් ලෙසිනි.

පසුගියදා එනම් ජූනි 20  SL දේශය සමග වැඩසටහනකට එක්වූ  රිෆා කාදර්  සැක මුසු  කථාවක් කීවේය . චමුදිතගේ වැඩසටහන දු‍ටු  සැනින් ඔහු ලංකාවට පැමිණි බව කීවේය.

චමුදිතගේ නිවාස සංකීර්ණයට සැකකටයුතු පුද්ගලයෙකු ඇතුල් වීමට උත්සාහ කරන්නේ  SL දේශය වැඩසටහන විකාෂණය  වීමෙන් පසුය .

ශිරාන් බාසික්ගේ පුත්‍රයාගේ ඊනියා පුන්‍ය සමාගමේ ප්‍රජා සේවා වැඩිම ප්‍රමාණයක් දියත්කර තිබෙන්නේ බොරලැස්ගමුව සහ පිළියන්දල  ප්‍රදේශයේය.

චමුදිත හිරු නාලිකාවේ වැඩසටහන් වලට සහභාගිවීමට නිවසින් පිටත් වන්නේ පාන්දර 3ත් 4ත් අතර කාලයේදීය.

පිලියන්දල පොලීසිය මේ වන විට කට උත්තර කිහිපයක් ලබා ගැන ඇත.  National Alert  පිලියන්දල ස්ථානාධිපති වරයාගෙන් කළ විමසීමකදී ඔහු  කීවේ   චමුදිත ඉලක්ක කොට සැක කටයුතු පුද්ගලයා පැමිණි බවට සාක්ෂි නොමැති බවය.

එසේ නම් නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු මෝටර් සයිකලයකින් පැමින  ආරක්ෂක අංශ සමග ගැ‍ටුමක් ඇති කරගත්තේ ඇයිද යන්න පොලීසිය පැහැදිලි කළ යුතුය

මේ සම්බන්ධව පොලිස් මාධ්‍ය ඒකකය දැක්වූ ප්‍රතිචාරය පහතින්.

https://www.facebook.com/100086543481988/videos/1422539452471986