2022 වසරේ ශ්රී ලංකාවේ ඇතිවූ ආර්ථික අර්බුධය පිටුපස බිහිසුණු භූ දේශපාලන කුමන්ත්රණයක් විය. එම කුමන්ත්රණයට ඉන්දියාව හවුල් බව මේ වනවිට හෙලිවී අවසානය.
පසුගිය කාලයේදී ඉන්දියාව ලංකාවට උදව් කළේ සද්භාවයන් නොවේ. නමුත් කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හෝ මෙරට සම්පත් කොල්ළකෑමටය. ගොල්ෆේස් අරගලයෙන් පසු ඉන්දීය සමාගම් ගණනාවක් මෙරටට ආවේ එහි දිගුවක් ලෙසිනි.
මාස් මෙටල් & මිනරල් එවන් එක් සමාගමකි. එහි විස්තර පහත පරිදිය.MARS METALS AND MINERALS (PRIVATE) LIMITED. registration No. PV00264398 Level 34, West Tower, World Trade Center, Colombo 01
මන්නාරම් ද්රෝණිය ටයිටේනියම් වැනි වටිනා ඛණිජ සම්පත් සපිරි ප්රදේශයකි. රජය සමග ඇති කරගත් ගිවිසුම අනුව මන්නාරම් ද්රෝණියේ කවියෙන්කුඩීරිප්පු ප්රදේශයේ ඉඩම් අක්කර 170 ක් මෙම සමාගමට ලැබී ඇත.
පාවලාන්පට්ටන්කුඩීරිප්පු යනු මෙතෙක් මිළ නොකළ ටයිටේනියම් නිධියක් පිහිටි ප්රදේශයකි .මෙම ප්රදේශය පාරම්පරික ජනයා පදිංචි ප්රදේශයකි. ඉන්දීය සමාගම කූට උපක්රම යොදමින් මෙම ඉඩම් අත්පත් කරගැනීමට උත්සාහ කරමින් සිටියි.
පහත නම් සදහන් පුද්ගලයන් ඉන්දීය සමාගමේ කුලී හේවායන් ලෙස ක්රියා කරන බවත් ඔවුන්ගෙන් විවිධ තර්ජන එල්ල වන බවත් ජනයා පවසයි.
1. මන්නාරම ප්රාදේශිය සභාවේ හිටපු සභාපති SHM මුජාහිර්
2. සහින් ඛාන් – මන්නාරම හිටපු ප්රදේශීය සභා සභාපතිගේ ගෝලයෙකි
3. ඉන්දීය සමාගමේ අධ්යක්ෂක වරයෙක් ලෙස ක්රියා කරන විශ්රාමික නාවික හමුදා නිළධාරි රියර් අද්මිරාල් සේරසිංහ
මේවන විට මෙම ගැටලුව ගැන සොයා බැලීමට කොළඹින් මාධ්යවේදීන් පිරිසක් මන්නාරමට යාමට සූදානමින් සිටියි.
තවද පාර්ලීමෙන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් ඉන්දීය සමාගමේ ආක්‍රමණය ගැන සොයා බලමින් සිටියි
https://www.facebook.com/100086543481988/videos/841599837300229