භාරතීය ජනතා පක්ෂයේ අනුග්‍රාහකයෙකු වන මාස් මෙටල් ඇන් මිනරල් සමාගම මන්නාරම ප්‍රදේශයේ මහාපරිමාන ඉඩම් කොල්ලය නිරත වන බව නැෂනල් ඇලට් වෙත වාර්තා වී ඇත.
ප්‍රදේශවාසීන් මෙම ඛේදවාචකය පිලිබදව පොලීසියට පැමිනිලි කොට ඇති බවද වාර්තා වෙයි.
ඉන්දීය සමාගම මෙම මංකොල්ලය සිදු කොට ඇත්තේ ඉතා සැලසුම් සහගතවය. ඉන්දීය සමාගම මුල්වටයේදී මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයන් තිදෙනෙකුගෙන් ඉඩම් කට්ටි තුනක් මිලදී ගෙන ඇත.
ඉන්දීය සමාගම මිළදී ගත් ඉඩම් කට්ටි අඩු වටිනාකමකින් යුතුය. නමුත් ඔවුන් කොන්ක්‍රීට් කනු සහ කම්බි යොදා අත්පත් කොට ඇත්තේ විශාල වාණිජ වටිනාකමකින් යුතු සමාගමට අයිති නැති වෙනත් ඉඩමක්ය.
මන්නාරම පොලීසියේ ක්‍රියාකලාපය සම්බන්දයෙන් ප්‍රදේශවාසීන් නොසතුටෙන් සිටින අතර ඉන්දීය සමාගමේ ඉඩම් මංකොල්ලය පිලිබදව සවිස්තර වාර්තාවක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න.