අදානී එලවීමට TNA හවුල්, අර්මානිට පහරදී මන්නාරම ගිනිතියන කුමන්ත්‍රණය මෙන්න !

0
172

සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් තමා ඉවත් වන බව අදානි මේ වන විට ලිඛිතව දන්වා ඇත.අදානි ඉවත්වීමට බලපෑ ප්‍රධාන හේතු දෙකකි.

1.  රනිල්  සමඟ අත්සන් කළ මුල් ගිවිසුම වෙනස් කිරීමට  අවශ්‍ය බව අනුරගේ රජය විසින් කළ දැන්වීම
2. අදානීගේ ව්‍යාපෘතිවලට ඉඩම් නිදහස් කිරීම කුමන්ත්‍රණකාරී ලෙස අඩාල කිරීම.

තලේ මන්නාරම  ප්‍රධාන ඉඩම් හිමියන් වන්නේ මන්නාරම අගරදගුරු සහ මුස්ලිම් ව්‍යාපාරිකයන්ය.

පසුගිය කාලයේදී දෙමළ ජාතික සන්ධානය මුස්ලිම් ජාතිකයන්ගේ ඉඩම් වලට ව්‍යාජ ලෙස හිමිකම් කියමින් ගැටුමක් ඇති කොට ඇත.

එල්.ටී.ටී.ඊ  සංවිධානය  යුද්ධය සඳහා ළමා සොල්දාදුවන් සහ කාන්තාවන් යොදාගත්තේ යම් සේද මෙදා දෙමළ ජාතික සන්ධානය කාන්තාවන් සහ කුඩා ළමයින් යොදා ගෙන ඉඩම් නිදහස් කිරීම අවුල් කොට ඇත.

ඊයේ මන්නාරම මුස්ලිම් ව්‍යාපාරිකයකු වන අර්මානී දෙමළ ජාතික සන්ධානයේ ප්‍රොක්සියක් වන ප්‍රියදර්ශනී රොඩ්රිගෝ  නම් කාන්තාවකට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්ද ඉදිරිපත් කොට ඇත.

ලබන මස පස්වැනිදා ඉන්දීය අගමැතිවරයා මෙරටට පැමිණීමට නියමිතය. එහිදී අදානිගෙ නැවතුන ව්‍යාපෘති යලි පණ ගැන්වීම සම්බන්ධව නිල සාකච්ඡා ආරම්භ කිරීමට නියමිතය.